ආණ්ඩුව මීළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයකට සූදානම් වන බවක් පෙනෙන්නට ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ...
ආණ්ඩුව මීළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයකට සූදානම් වන බවක් පෙනෙන්නට ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
“ජනාධිපති ඡන්දයට අවුරුදු දෙකහමාරක් තියෙනවා. අඩු වශයෙන් අවුරුදු එකහමාරක් තිබෙනවා. දැන් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් ගේනවායි කියලා ඊයෙ පෙරේදා පත්තරවල තිබුණා. මට පෙනෙන විදියට ඊළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයක් ගහන්න වගේ ආණ්ඩුව හදන්නේ කියලා මට පෙනෙන දෙයක්. ඒ නිසා අපට ඉදිරියේදී එන ජාතික මැතිවරණය බොහෝවිට පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්න පුළුවන් කියලායි මම හිතන්නෙ”
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ලබන වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් වන බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර අනාවරණය කළෙමු. හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ද එම පුවත සනාථ වේ.

COMMENTS