දුමින්ද්‍ර රත්නායක මහතා ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වේ. ඔහු ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙකු ...
දුමින්ද්‍ර රත්නායක මහතා ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස පත්කර ඇතැයි වාර්තා වේ.
ඔහු ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර එටිසලාට් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා ද වෙයි.
පසුගිය සතියේ දී ආයෝජන මණ්ඩල හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ඉවත් වීමෙන් පසු මෙම නව පත්වීම සිදුකර ඇති බව වාර්තා වන අතර මංගල යාපා සහ අජිත් ගුණවර්ධන යන මහත්වරුන් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇති බව සඳහන්ය.
COMMENTS