දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රාදේශීය ලේකම්වරු මාරු කරන්න ජනපති සූදානම්
Homeප්‍රවෘත්ති

ප්‍රාදේශීය ලේකම්වරු මාරු කරන්න ජනපති සූදානම්

PropellerAds

රටේ සහ පොදු ජනතාවගේ සංවර්ධන අපේක්ෂාවන් ඉටු කරන ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී සියලු රේඛිය අමාත්‍යංශ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති මෛ...

තවත් සභාපතිවරයෙකුට ඉල්ලා අස්වන්නැයි දැනුම් දේ!
මහබැංකුව ගිය මාසෙත් රත්තරන් ටොන් එකහමාරක් විකුණලා...දෙසැම්බරයෙත් කොටසක් විකුණුවා... දැන් රන් සංචිතත් ඉවර වෙන්න ළඟයි!
පුෂ්පිකාට තවත් නඩුවක්! දනූ ඉන්නසිතම්බි කෝටි විස්සක් ඉල්ලා එන්තරවාසියක් යවයි!
ප්‍රාදේශීය ලේකම්වරු මාරු කරන්න ජනපති සූදානම්

රටේ සහ පොදු ජනතාවගේ සංවර්ධන අපේක්ෂාවන් ඉටු කරන ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී සියලු රේඛිය අමාත්‍යංශ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක් අමතමිනි.

ඒ පිළිබඳ වගකීම ඇති අමාත්‍යංශයට පමණක් සියලු කටයුතු පවරා නොසිට අදාළ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තම උපරිම දායකත්වය ලබා දීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ නිලධාරින්ගේ විදේශ සංචාරවලදී ඉහළ සිට පහළට යම් පාලනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඇතැම් අමාත්‍යවරු සහ නිලධාරින් රාජ්‍ය සමුළු සඳහා විදේශගත වී එම සමුළු අවසන් වුව ද තවත් දින ගණනක් එම රටවල රැඳී සිටින බවත් මෙම තත්ත්වය පාලනය කිරීමට මෙන්ම එකම නිලධාරියා සෑම වසරකම විදේශගත වීම වෙනුවට නිලධාරීන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළබඳව ද අමාත්‍යංශ ලේකම්වරුන්ගේ අවධානය යොමු කළ යුතු බව පැවසීය.

එමෙන්ම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳව ද මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ කිසිවෙකුගේ වුවමනාවට එකම ප‍්‍රාදේශීය ලේකම්වරයෙකු දීර්ඝ කාලයක් එකම ස්ථානයක රඳවා සිටිය නොහැකි බවත් එම ස්ථාන මාරුවීම් පිළිබඳ ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිය යුතු බවත්ය.

තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු කරන ලද විදේශ සංචාරවලදී මේ වන විට අවබෝධතා ගිවිසුම් විශාල ප‍්‍රමාණයකට අත්සන් තබා ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ගිවිසුම්වලින් බලාපොරොත්තුවන ඉලක්ක කරා ගමන් කරමින් ඒවා කි‍්‍රයාවට නැංවීම සහ පසුවිපරම් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් වගකියන එක් අතිරේක ලේකම්වරයෙකු පත්කර, ඒ සඳහා වෙනම අංශයක් පවත්වාගෙන යාමට ද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

තමා පසුගියදා සිදු කළ බංග්ලාදේශ සංචාරයේදී පමණක් අවබෝධතා ගිවිසුම් 12 කට අත්සන් තැබූ අතර බංග්ලාදේශය එක් දිනකදී එක් රටක් සමඟ අත්සන් තැබූ වැඩිම ගිවිසුම් ප‍්‍රමාණය එය බව බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරිය ප‍්‍රකාශ කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරි සති දෙකෙන් පසු සියලු අමාත්‍යාංශවල ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා පසුගිය වසර දෙකහමාර තුළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය මෙන්ම 2020 සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙළ පිළබඳ එහිදී සොයා බලන බව පැවසීය.

පසුගියදා ඇති වූ ගංවතුරෙන් සහ නාය යාමෙන් නිවාස අහිමිවූ ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා ඉඩම් පවරා ගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම නියඟය පවතින ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමේ කටයුතු ද විමසා බැලීය.

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පවරා ඇති වගකීම් නියමිත කාල සටහනට අනුව ඉටු කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අවධානය යොමු කළේය.

අමාත්‍යාංශවල පුරප්පාඩු පිරවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු පිළබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාවය  පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා සෑම අමාත්‍යාංශයකම ප‍්‍රවෘත්ති නිලධාරියෙකු පත්කර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සම්බන්ධවෙමින් එම ප‍්‍රචාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.

රටත් ජනතාවත් වෙනුවෙන් හෙට දවසේ ඉටු කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ මීට වඩා සංවාදශීලී වෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිවරයා සෑම මාස තුනකට වරක්ම අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවී එම කටයුතු පිළිබඳ සොයා බැලීමට තමා අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රාදේශීය ලේකම්වරු මාරු කරන්න ජනපති සූදානම්
ප්‍රාදේශීය ලේකම්වරු මාරු කරන්න ජනපති සූදානම්
http://ift.tt/2vxpaKB
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_227.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_227.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy