පළාත් සභා සංශෝධන පනත ගෙන ඒම තුළින් රජය වක්‍ර අරමුණක් ඉටු කර ගැනීමට පෙළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි. ඒකාබද්ධ විපක...
පළාත් සභා සංශෝධන පනත ගෙන ඒම තුළින් රජය වක්‍ර අරමුණක් ඉටු කර ගැනීමට පෙළඹෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ අද (18) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
පසුගිය ජූලි මස 7 වනදා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් රජය විසින් මෙම නව පනත ගැසට් කර ඇති බවත් මෙම පනත තුළින් නාම යෝජනා බාරදීමේ දී සෑම පක්ෂයකින්ම අවම වශයෙන් සියයට 30 ක කාන්තා නියෝජනයක් පැවතිය යුතු බවත් එසේ නොකිරීම තුළින් නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වන බවද මන්ත්‍රීවරයා පැවසීය.
ඒකාබද්ධය කිසිවිටෙකත් කාන්තා නියෝජනයට විරුද්ධ නොවන බවත් ගැටළුව වි ඇත්තේ රජය මෙම නව පනත ඉදිරිපත් කර ඒ තුළින් මැතිවරණය කල් දැමීමේ වක්‍ර අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට කටයුතු කරන බවත් ජී.එල්.පීරිස් මහතා චෝදනා කරයි.
මැතිවරණ කල් දැමීම අද වන විට රජයේ ප්‍රතිපත්තියක් වී ඇති බවත් සංශෝධන ඉදිරිපත් කර එම සංශෝධන කටයුතු අවසන් වන තුරු මැතිවරණ කල් දැමීම කිසිසේත් අනුමත නොකරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ජනතාවට වර්තමානයේ වරිපනම් බදු ගෙවීමට සිදුව ඇති නමුත් පළාත් පාලන ආයතන අක්‍රීයව පවතින අවස්ථාවක එසේ සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ද මන්ත්‍රිවරයා මෙහිදී පැවසීය.
COMMENTS