දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි! මිලියන 600ක වංචාවක් යට ගහයි!
Homeප්‍රවෘත්ති

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි! මිලියන 600ක වංචාවක් යට ගහයි!

PropellerAds

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරී...

මහින්ද-ජී.එල්. පොහොට්ටු තනතුරුවලින් නෙරපයි?
රාජ්‍ය සේවයට බඳවා ගැනීම් නවත්වයි! බඳවාගන්න තියපු විභාගවල ප්‍රතිපල නිකුත් කිරීමත් නවත්වයි!
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වෙරළ පිරිසිදු කිරීමට තවත් වසර ගණනක්! වියදම බිලියනයකට ආසන්නයි!
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම මගින් රුපියල් මිලියන 600කට වඩා වැඩිමුදලක් වංචා කර ඇති බව ගුවන්සේවයේ අභ්‍යන්තර විගණන අංශ වාර්තා මගින් තහවුරු කර තිබෙනවා.

ගුවන්සේවයේ රහස්‍ය විගණන වාර්තා වලින් හෙළිකොට ඇති තොරතුරු වලට අනුව මෙම නිලධාරීන් විසින් සෞදි අරාබිය කරා රැකියා සඳහා යන මගීන් විසින් අනිවාර්යෙන් ලබාගත යුතු සෞදි නිරෝධායන පැකේජයි පහත පරිදි වංචා කර ඇත්තේ.

1.2021 මැයි මස සෞදි රජය විසින් පැනවූ නීතියට අනුව සෞදි අරාබිය වෙත යන සියලු මගීන් සඳහා නිරෝධායන පැකේජ ලබාදීමේ වගකීම ශ්‍රීලංකන් ගුවන්සේවය සතුවිය. අදාළ පැකේජ ගුවන්සේවය විසින් සකස්කර මගීන්ට මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර යුතුව තිබුණි.

2. ගුවන්සේවය මගින් මෙම පැකේජ සකස්කර මගීන්ට ඉදිරිපත්කිරීම මැයි මස වන විට සිදුකළ අතර ශ්‍රී ලාංකික, ඉන්දීය හා බංගලාදේශ ඇතුලු සෞදියේ සේවය කරන විශාල මගීන් පිරිසක් මේවා මිලදීගෙන ශ්‍රීලංකන් ගුවන්සේවය සමගින් සෞදියට පැමිණ නිරෝධායනයව තිබුණි. මින් ශ්‍රී ලංකන් ගුවන්සේවය සැලකිය යුතු ආදායමක් මෙන්ම ගුවන් මගීන්ටද ප්‍රමිතියකින් යුත් නිරෝධායන පහසුකමත් තහවුරු කර තිබුණි.

නමුත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණු ක්‍රියාවලිය හදිසියේම 2021 ජුනි සිට සෞදි නිරෝධායන රෙගුලාසි වලටද පටහැනිව හදිසියේම ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍ර යේ නමගිය ආයතනය වෙත ලබාදීමට අලෙවි අංශ ප්‍රධානියා විසින් තීරණය කර තිබුණි. මෙම තීරණය ගෙන ඇත්තේ ඉහත ආයතනයට සෞදි ආරබියේ මෙවැනි මෙහෙයුමක් පිළිබඳ අල්ප මාතුයක හෝ දැනුමක් නොතියබියදීය.

ශ්‍රී ලංකාවේ අලෙවි ප්‍රධානියා හා ශ්‍රී ලංකාවේ කලමණාකරු විසින් ප්‍රසම්පාදන නීති කඩකරමින් සෞදි නීති වලටද පටහැනිව ආයතනය පත්කොට ඇති අතර ඔවුන් විසින්ම සෞදි ශ්‍රීලාංකික නිරෝධායන නියෝජිත ආයතනය ජෙට්වින්ග් සමග සම්බන්ධීකරණය කොට ඇත. ඊට අමතරව මෙම පැකේජයන්ගේ මුළු මෙහෙයවීමම ශ්‍රීලංකන් ගුවන්සේවයේ අලෙවි නිලධාරින් ලවා සිදුකර ගැනීමටත්, සියලුම ශ්‍රී ලංකිකයින්ට ශ්‍රීලංකන් ආයතනයේ, පැකේජ වෙනුවට ජෙට්වින්ග් පැකේජ ප්‍රවර්ධනය කිරීමටත් මෙම නිලධාරීන් කටයුතු කර ඇත. දැනට රහස්‍යව පවතින විගණන වාර්තාවේ මෙකී සියලු කරුණු කාරණා පැහැදිලිවම දක්වා ඇත.

මෙමගින් මෙම නිලධාරීන් 2021 ජුනි මාසයේ සිට 2021 දෙසැම්බර් දක්වා පමණක් මිලියන 600ක ආදායමක් ජාතික ගුවන්සේවයට අහිමි කර ඇත.

අදාළ සියලු කටයුතු වලට මූලිකත්වය ලබාදුන් සෞදි අරාබියේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කළමණාකරු මීට සමගාමීව සෞදි සමාගමක් සමග කූට නිරෝධායන සමාගමක් පවා ආරම්භ කර ඇති අතර එමගින් බංගලාදේශයේ සිට සෞදි අරාබියට යන මගීන්ට මෙම පැකේජ 1000කට අධික ප්‍රමාණයක් අලෙවිකර ඉන් රුපියල් මිලියන 200කට අධික මුදලක් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අහිමි කර ඇත. මෙම වංචාවද විගණන අංශ විසින් හෙළිකොට වාර්තාවක් සකස්කොට ඇත.

මෙම වාර්තා ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති, හිටපු/ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී හා විගණන කමිටු ප්‍රධානීන් අතට පත්ව කලක් ගතව ඇතත් අදිසි හස්තයක් විසින් මෙම පරීක්ෂණ යටපත් කොට ඇත. හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගෙන් පසු එම තනතුරට පත්කොට තිබෙන රුපියල් ලක්ෂ 90ක වැටුප් ලබන වයස 72ක් වන රිචඩ් නුටෝල් නම් විදේශිකයා මෙම වංචාව වසන් කිරීම වෙනුවෙන් මේ වන විටත් මූලිකත්වය ගෙන ක්‍රියාකරමින් සිටින අතර ඔහුට දැනටමත් පෙරකී නිලධාරීන් ඇතුලු පිරිස ආරක්ෂා කරන අදිසි හස්තයන්හි වරදාන, වරප්‍රසාද පවා හිමිව ඇති බව වාර්තා වේ.

තවදුරටත් මෙම වංචා සහගත පැකේජ අදාල සමාගම හරහා මෙහෙයවීමට මොවුන් පෙළඹී ඇති අතර මේ සටහන තබන මෙහොතේදීත් මෙම වංචාව ගජරාමෙට සිදුවෙමින් පවතී.

අප සියලුදෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතනය වන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමයි. බිලියන 150කට අධික ණය බරක් මෙන්ම දිනෙන් දින ලබන පාඩුව දේශපාලකයන්ට හා වෙනත් හේතුවලට බැර කරද සත්‍ය වශයෙන්ම පාඩුවෙන් වැඩි ප්‍රමාණයකට හේතුව මෙම ආයතනයේ චෞර ඉහළ නිලධාරී කණ්ඩායම බව ඉතා පැහැදිලිය. කවර ලෙස ආණ්ඩු මාරු වුණත්, සභාපති, ලේකම්වරු මාරු වුවත් මෙම චෞර, ඉහළ නිලධාරීන් සැමදා සුරක්ෂිතය. විශේෂයෙන් ශ්‍රී ලංකන් වාණිජ අංශය නම් හොරකමට, වංචාවට කප් ගැසූ අංශයක් ලෙස මුළු ගුවන්සේවා කර්මාන්තයම පාහේ දනී. මෙම අංශයේ ඉහළ කළමනාකාරීත්වයේ හිඳ විශ්‍රාම ගිය බොහෝ දෙනා බිලියනපතියන් බවට පත්ව ඇති අතර ඔවුන්ගේ ගෝලයින්ද තවමත් කිසිදු ඉහෙන් බහින රෝගයකින් තොරව මෙම කටයුත්තේ නියැලෙමින් සිටී.

යහපාලන ආනුභාවයෙන් පත්විම් ලද අලෙවි අංශ ප්‍රධානීයා මීට පෙරද මෙවැනි වංචා කටයුතු වලට හසුව ඇතත් ඔහු යහපාලන දේශපාලකයින්ගේ පිහිටානුභාවයෙන් මේ වනතුරුත් කටයුතු කරමින් සිටී. යහපාලන රජය යටතේත්, වර්තමාන රජය යටතේත් වංචා, දූෂණ වැරදි කෙතරම් කළද බේරී සිටීමට තරම් මොහු සූක්ෂම වී ඇත. ඔහුගේ කොළඹ නගරය තුළ පමණක් ඇති වත්කම් සොයා බැලුවේ නම් මොහු විසින් කර ඇති වංචාවල තරම ගැන ඕනෑම අයෙකුට අවබෝධයක් ලබාගත හැකිය.

දැන් ඔහු නව ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුටෝල්ගේ හිතෛයිෂීම පුද්ගලයා ලෙස කටයුතු කරමින් සිටී. එමගින් විදේශිකයාගේ චෞර වළල්ලේ තරම අපට සිතා ගත හැකිය.

ගුවන්සේවය යලි ගොඩනැගීමට ලක්ෂ 90කට පඩියටකට රැකියාවට ගත් විදේශිකයා වන රිචඩ් නුටෝල් දැන් මෙම වංචාකරුවන් රැක ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටී. ඒ, විගණන වාර්තා වලින් හෙළිකොට ඇති මෙම වංචාව ගැන අල්ප මාත්‍රයක හෝ පියවරක් නොගනිමිනි. බොහෝවිට විදේශිකයකු හදිසියේම මෙවැනි තනතුරකට බඳවා ගන්නට ඇත්තේද ඉහත වංචාව යටගැසීමේ අරමුණින්ම විය හැක.

ගුවන්සේවයේ බහුතර සේවකයන් තම සේවය උපරිමයෙන් ආයතනයට ලබාදුන්නද අල්පයක් වූ චෞර නිලධාරීන් ගුවන්සේවයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීම හේතුවෙන් ආයතනය දිගින් දිගටම දැඩි අලාභ ලබමින් සිටී. ඒ හේතුවෙන් වැටුප් කප්පාදු වලින් පවා වැඩිම වන්දියක් ගෙවන්නේ අහිංසක සාමාන්‍ය සේවක පිරිසයි.

සුළු සේවකයකු අතින් වතුර බෝතලයක්, ආහාර පාර්සලයක්, හාෆ් ෂීට් කොළයක් අස්ථාන ගතවුවත් ගෙදර යවන්නට පසුබව නොවන ශ්‍රීලංකන් ප්‍රධානීන් මෙවැනි වෞර රජුන් ඉදිරියේ පතෝල න්‍යායක් අනුගමනය කිරීම මගින් පැහැදිලි වන්නේ එදා මෙන්ම අදත් ජාතික ගුවන්සේවයේ ප්‍රතිපත්තිය මහහොරු ආරක්ෂා කිරීම බවයි.

– repoter
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි! මිලියන 600ක වංචාවක් යට ගහයි!
ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි! මිලියන 600ක වංචාවක් යට ගහයි!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjdFVi78Jepq5ZNAGLc4WKb54mZpyW-zWZJ_JvzFKP49A0Yt6j11L3cxdqSZfaKiWRGAkZuemD59R9zALUEg9HFkIK-rP4tKFfnazcE6Fsj6K5pISqtVFx8yU_l8BjJu17BdLbykmBSJQYicOEKU9vw-XpwGBaltBiuvnuFlgNREz-8x9XLFFyTPOjKZQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjdFVi78Jepq5ZNAGLc4WKb54mZpyW-zWZJ_JvzFKP49A0Yt6j11L3cxdqSZfaKiWRGAkZuemD59R9zALUEg9HFkIK-rP4tKFfnazcE6Fsj6K5pISqtVFx8yU_l8BjJu17BdLbykmBSJQYicOEKU9vw-XpwGBaltBiuvnuFlgNREz-8x9XLFFyTPOjKZQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/02/90-600.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/02/90-600.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy