දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වෙරළ පිරිසිදු කිරීමට තවත් වසර ගණනක්! වියදම බිලියනයකට ආසන්නයි!
Homeප්‍රවෘත්ති

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වෙරළ පිරිසිදු කිරීමට තවත් වසර ගණනක්! වියදම බිලියනයකට ආසන්නයි!

PropellerAds

නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍ර...

විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද
ප්‍රමිති කාර්යාංශය බාල සිමෙන්තිවලටත් චුට්‌ටක්‌ ඉඩදීලා.
අරුම පුදුම යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි…. ගෑවුනොත් සිහි නැති වෙයි… (photos)
නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නැත්නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් දුන්නේය.

නීතිපති දෙපාර්තමේන්තුවේ හා අධිකරණ අමාත්‍යංශයේ සහය ලබාගනිමින් ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිණිගෙන මුහුදු බත්වීමෙන් මෙරට මුහුදු තීරයට හා වෙරළ තීරයට සිදුවූ විනාශයන්ට අදාළ වන්දි කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය උපදෙස් දුන්නේය.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය සඳහන් කළේ මෙරට මුහුදු සීමාවේදී ගිණිගෙන මුහුදුබත්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් ( M.V Express Pearl ) නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් හා අපද්‍රව්‍ය ඉවත්කොට මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට මේ වනවිට රුපියල් නව කෝටි තිස් අටලක්ෂ පනස්හත් දහස් දෙසීය අනූ තුනක (903,857,293.01) මුදලක් වැයවී ඇති බවයි.

මුහුදුබත්වූ එම නෞකාවේ බහාලුම්වලින් නිකුත්වන ප්ලාස්ටික් හා රසායන ද්‍රව්‍යයන් ඉවත්කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදුකිරීමට තවත් වසර කිහිපයක්ම ගතවනු ඇතැයි ද ඇය පැවසුවාය.

මේ වනවිට නෞකාවෙන් නිකුත්වූ ප්ලාස්ටික් පබළු හා රසායන ද්‍රව්‍යයන් මෙට්ට්‍ර්ක් ටොන් 1600 ක ප්‍රමාණයක් පමුණුගම ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් ගබඩාවල තැන්පත්කර තිබෙන බවත් නීති උපදෙස් මත ඒවා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බවත් ඇය එහිදී සඳහන් කළාය.

සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් ප්‍රවාහන නෞකාව කොළඹ වරායට නාවික සැතපුම් 9ක් දුරින් ගිණි ගෙන මුහුදුබත් වූයේ පසුගිය වසරේ ජුනි මස 02 වැනිදාය.

නෞකාවේ ගබඩාකර තිබූ නයිට්‍ර්ක් අම්ල හේතුවෙන් මෙම ගිණි ගැනීම සිදුවූ අතර නැව මුහුදු බත්වීමට පෙර ඇතිවූ පිපිරීමක් හේතුවෙන් එහි තිබූ බහාලුම් 1486 න් යම් ප්‍රමාණයක් මුහුදට වැටුණි. මෙම බහාලුම්වල තිබූ රසායනික ද්‍රව්‍ය හා ප්ලාස්ටික් පබළු මුහුදු ජලය සමඟ මිශ්‍ර වීමෙන් මන්නාරම සිට හම්බන්තොට කිරින්ද දක්වා වූ කිලෝමීටර 746 ක මුහුදු කලාපය සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්විය.

ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ මීගමුව කළපුව ආශ්‍රීත ප්‍රදේශයට, මීගමුව වෙරළ තීරයට සහ පමුණුගම සක්කු කන්ද වෙරළ කලාපයටය.

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විසිරුණු අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍රවූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු පසුගිය වසරේ මැයි මස 20 වැනිදා සිට මේ දක්වා සිදු කරනු ලබයි. මේ වනවිට ස්ථාන 2723 කදී එම පිරිසිදු කිරීම් කටයුතු සිදුවන අතර එමඟින් කිලෝමීටර 746 ක දුර ප්‍රමණයක් ආවරණය කරනු ලබයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන විද්‍ය ක්‍රියාවලි පීඨයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ති ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වෙරළ පිරිසිදු කිරීමට තවත් වසර ගණනක්! වියදම බිලියනයකට ආසන්නයි!
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් වෙරළ පිරිසිදු කිරීමට තවත් වසර ගණනක්! වියදම බිලියනයකට ආසන්නයි!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivhbSzyUaCrdnVqbwQL_M52ml3-qd6eOt66JSKes49qWpUw_NnCAzap5R4SAC5jVXtHXtNdi-NiDUIq8trU75jeOW1mlEE5pB0qJq_A8caSyZDMcyty9MrUHLebuEuIrHOJ3FLaqz0CxIqLRK7zCVZ1KxLPpszTdaiWrQLSn3CIUKjVEKDbakeOH1WwQ/s320/112-4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEivhbSzyUaCrdnVqbwQL_M52ml3-qd6eOt66JSKes49qWpUw_NnCAzap5R4SAC5jVXtHXtNdi-NiDUIq8trU75jeOW1mlEE5pB0qJq_A8caSyZDMcyty9MrUHLebuEuIrHOJ3FLaqz0CxIqLRK7zCVZ1KxLPpszTdaiWrQLSn3CIUKjVEKDbakeOH1WwQ/s72-c/112-4.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_76.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/08/blog-post_76.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy