පුද්ගලයින් පස් දෙනෙක් සමග අනියම් සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් වැඩ තහනම් කළ කාන්තා පොලිස් පරීක්ෂකවරියක් යළි සේවයේ පිහිටුවීම සඳහා පො...
පුද්ගලයින් පස් දෙනෙක් සමග අනියම් සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා කරමින් වැඩ තහනම් කළ කාන්තා පොලිස් පරීක්ෂකවරියක් යළි සේවයේ පිහිටුවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පති කාර්යාලය විසින් නිකුත් කර ඇති අතිශයින්ම ජුගුප්සාජනක ලියුමක් පිළිබඳව ඉතා දැඩි විවේචනයක් සමාජයෙන් එල්ල වෙමින් තිබේ.
වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරිය නම් කර ඇය අනියම් සම්බන්ධතා පැවැත් වූ බව කියන පොලිස් දෙපාර්තමේන්තුවේ සහ ඉන් පිටත සේවය කටයුතු කරන පුද්ගලයින් පස් දෙනෙකු ද නම් කර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන, වයඹ පළාත, බස්නාහිර පළාත, නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව, කුරුණෑගල දිසාව, විනය හා කල්ක්‍රියා, මානව සම්පත් යන උසස් පොලිස් නිලධාරීන් ඇතුළු 17 දෙනෙක් වෙත මෙම ලිපිය යොමු කර තිබේ.
ඇයව සේවයේ පිහිටුවා ඇත්තේ චෝදනා පත්‍රයට අදාලව විධිමත් විනය පරීක්ෂණයකට යටත්ව යැයි එම ලිපියේම සඳහන් කරනු ලැබුවත් මේ ලිපිය මගින් ඇයගේත්, ඇය සම්බන්ධ කර චෝදනා ලබන පුද්ගලයින්ගේත් සමස්ථ ජීවිත පරිසරයම විනාශ කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
මූලික ආචාර ධර්ම පවා උල්ලංඝණය කරමින් පොලිස්පති කාර්යාලයෙන් නිකුත් කළ මෙම ලිපිය සම්බන්ධව මානව හිමිකම් අංශවල අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
උපුටා ගැනීම : lankasara

COMMENTS