දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනාගත ජනාධිපතිවරයා මමයි.. වෙනම බලකායක් හදනවා - සජිත් ප්‍රේමදාස
Homeප්‍රවෘත්ති

අනාගත ජනාධිපතිවරයා මමයි.. වෙනම බලකායක් හදනවා - සජිත් ප්‍රේමදාස

PropellerAds

සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් මේ රටේ ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. විපක්ෂ නායකවරයා ඒ ...

ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධය ඇරඹෙයි
සයිටම් ප්‍රශ්නය විසඳන්න පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ !
දෙවැනි ටෙස්ට් තරගය අද
සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් මේ රටේ ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. විපක්ෂ නායකවරයා ඒ බැව් කියා සිටියේ (16) දින දමිල ප්‍රගිතිශිලි සන්ධානය විසින් නුවරඑලිය මහ නගර සභා ක්‍රිඩාංගණයේ සංවිධානය කර තිබු තෛපොංගල් දින උත්සවයට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියේ

තෛපොංගල් උත්සවය කියන්නේ උත්කර්ෂවත් ලෙස සමරන ආගමික උත්සවයක්.

ආගමික අනන්‍යතාවය ඉදිරියටත් සුරක්ෂිත කරන්න අපි කටයුතු කරනවා. සියළුම ආගම් ආරක්ෂා කිරිමට අපි කටයුතු කරනවා.

වතු කම්කරුවන් සිය දහදිය මහන්සිය වෙහෙසලා තේ ක්ෂෙත්‍රයෙන් මේ රටට විදේශි විනිමය ගේනකොට ඔහුන්ට මෙරට පුරවැසිභාවය තිබුණේ නැ.

රණසිංහ ප්‍රේමදාස මහතා  වතු කම්කරුවන්ගේ පුරවැසිභාවය ලබා දිලා අයිතින් සුරක්ෂිත කරා.

වතු කම්කරුවන් කම්කරුවන් වශයෙන් සිමා නොකර කුඩා තේ වතු හිමියන් බවට පත් කිරිමේ සටන රණසිංහ ප්‍රේමදාසගේ පුතා වශයෙන් සජිත් ප්‍රේමදාස කටයුතු කරනවා.

අපි මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා වතු කම්කරු ප්‍රඥප්තිය සම්බන්ධයෙන්. සමගි ජනබලවේගයේ අනාගත ප්‍රතිපත්ති ප්‍රකාශයට එකතු කරලා අනාගත ජනාධිපතිවරයා වශයෙන් වතු කම්කරුවන්ගේ දියණුව සංවර්ධනය  උදෙසා  වෙනමම ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපනය කරනවා.

මේවා සම්බන්ධයෙන් මම ප්‍රකාශ කරද්දි ජනාධිපතිවරණයේදි , මහ මැතිවරණයේදි සමාජයේ සමහරු ජාති වාදය , ආගම් වාදය , ජාති ආගම් භේදය විවිධ මාධ්‍ය හරහා , සමාජ මාධ්‍ය හරහා මට පහර ගැහුවා.

මම ජාති වාදින්ට ආගම් වාදින්ට බය නැ , සමගි ජන බලවේග ආණ්ඩුවක් තුලින් ජාති ආගම් භේදය සම්පුර්ණයෙන්ම තුරන් කරනවා.

සමහර ජාති ආගම් වාදින්ට මේ රටේ ජනතාවගේ දුක තේරෙන්නේ නැ, පාලකයන්ට තේරෙන්නෙත් නැ.

ඒ මොකද ඒ ඇත්තොන්ගේ අතේ ගැස් පිපිරෙන්නේ නැ , දියර පොහොර කැන් පිපිරෙන්නේ නැ , ඒ අය ගැස් පොලිම් වල නැ , ඒ අය පොහොර නැතුව අනාත වෙලා නැ , ඒ අය සිනි, හාල්, කිරිපිටි , ඉන්ධන පොලිම් වල නැ.

මොකද ඒ ඇත්තොන්ට ඒවා බන්දේසියක තියලා මන්දිරයටම ගෙන්නා උකුලටම භාර දෙනවා.

ජනාතව දැන් හොදට ඇස් අරින්න කාලය හරි , ජාති වාදයට , ආගම් වාදයට යලි ඉඩක් දෙන්න එපා.

මේ මාතෘ භුමිය සංවර්ධනය කරන්න සියළු ජාතින් , සියළු ආගම්වල පිරිස් එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනි.

අද දරිද්‍රතාවය එන්න එන්නම ඉහල යනවා , මේ බල ප්‍රදේශයේ මාතෘ සහ ළදරු සෞඛ්‍ය තත්ත්වයන් ඉතාමත් පහල මට්ටමක පවතින්නේ.

මනුෂ්‍යත්වය මුල් කරගෙන යන ගමනක් තුල අපිට ඔබලාගේ දුක තේරෙනවා.

ඉන්දියානු අගමැති නරෙන්ද්‍ර මොදි සමග අපිට විශේෂ සබදතාවයක් තියෙනවා , ඒ සම්බන්ධතාවය වැඩි දියුණු කරගෙන මේ රටේ වතු කම්කරු ජනතාවගේ ආර්ථික , සමාජිය , අධ්‍යාපනික , නිවාස , සෞඛ්‍ය , සංස්කෘතිමය අයිතින් සුරැකිමට අපි කටයුතු කරනවා.

මම නිවාස අමත්‍යවරයා වශයෙන් කටයුතු කරනකොට නරේන්ද්‍ර මොදි මහතා අපිට ආධාර ලබා දුන්නා. ගිණි පොලි ණය නෙවෙයි ආධාර ලබා දුන්නා යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනාගත ජනාධිපතිවරයා මමයි.. වෙනම බලකායක් හදනවා - සජිත් ප්‍රේමදාස
අනාගත ජනාධිපතිවරයා මමයි.. වෙනම බලකායක් හදනවා - සජිත් ප්‍රේමදාස
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgSmGD3tWYEYuC79VyQiH-9O18VYx73rgvRwDwUrl1Y_LjxuWkeTngXpMzZb-B7ONDnfLQHE7EtvbQPUEPwNauOzUGmpsC77kCPtqYAfVazPogcs5bz38PeOaFoOQZXsfUOiYeY7Yv0wdvqmhLhUhc6x4GPME5apspBXpliq-raF4cKZe0wtH0vgwLTKQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEgSmGD3tWYEYuC79VyQiH-9O18VYx73rgvRwDwUrl1Y_LjxuWkeTngXpMzZb-B7ONDnfLQHE7EtvbQPUEPwNauOzUGmpsC77kCPtqYAfVazPogcs5bz38PeOaFoOQZXsfUOiYeY7Yv0wdvqmhLhUhc6x4GPME5apspBXpliq-raF4cKZe0wtH0vgwLTKQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_34.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_34.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy