රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙකී සම්බාධක, ‘වාණිජ යුද්ධයක්’ පිළිබඳ අනතුරු ඇඟවීමක් බවයි. මෙය දෙරට අ...
රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදෙව් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙකී සම්බාධක, ‘වාණිජ යුද්ධයක්’ පිළිබඳ අනතුරු ඇඟවීමක් බවයි. මෙය දෙරට අතර සම්බන්ධතා යථා තත්වයට ගෙන ඒම සඳහා ගනු ලබන උත්සාහයන්ට මරු පහරක් බව ද ඔහු කියා තිබේ.
තවද මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම ට්‍රම්ප්ගේ නොහැකියාව පෙන්නුම් කරන්නක් බව ද, මෙම තීරණය ඇමරිකානු කොංග්‍රසයෙන් ඔහු ලද නින්දාවක් බව ද මෙද්වදෙව් තවදුරටත් කියා තිබේ.
මෙම සම්බාධක පැනවීමට කොංග්‍රසය තීරණය කර තිබෙන්නේ 2016 ඇමරිකානු ජනාධිපතිවණයට අනිසි බලපෑම් සිදුකිරීම සම්බන්ධයෙන් රුසියාවට නැගී තිබෙන චෝදනා සහ යුක්රේනය තුළ රුසියාව ගෙන යන ක්‍රියාමාර්ගවලට අකමැත්ත පළ කිරීමේ පියවරක් වශයෙනි.
මේ අතර නව නීති සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් දැනටමත් කොංග්‍රසයට සිය අකමැත්ත ප්‍රකාශ කර තිබේ. ඔහු පවසා තිබෙන්නේ කොංග්‍රසය රුසියාවට පාඩමක් උගන්වන්නට යාම තුලින් වැඩ වරද්දා ගන්නට ආසන්න බවයි.
අමාලි ජයවීර
COMMENTS