දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සයිටම් ප්‍රශ්නය විසඳන්න පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ !
Homeප්‍රවෘත්ති

සයිටම් ප්‍රශ්නය විසඳන්න පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ !

PropellerAds

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අර්බුදය හේතුවෙන් මේ වන විට රාජ්‍ය  විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයන්හි ආරම්භ කර ඇති පන්ති වර්ජනයද නිමා කර නැව...

අත්සන් කරන්න වරාය ගිවිසුමක් හදලත් නෑ - ජනපති
සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වෙයි
වොක්ස්වැගන් මව් සමාගමේ නිළ ප්‍රකාශය මෙන්න (VIDEO)
සයිටම් ප්‍රශ්නය විසඳන්න පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ !
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අර්බුදය හේතුවෙන් මේ වන විට රාජ්‍ය  විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයන්හි ආරම්භ කර ඇති පන්ති වර්ජනයද නිමා කර නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළින් හැකි වන බවයි පීඨාධිපතිවරු පෙන්වා දෙන්නේ.
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මගින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා වෙත එම ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.යොමු කර තිඛෙන ලිපියේ පිටපත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයාට යොමු කර ඇත.
 
 ඒ අනුව වෛද්‍ය පීඨ  පීඨාධිපතිවරුන්ගේ නිර්දේශ වන්නේ,  
 
1  මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ  වෛද්‍ය උපාධිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම නවතා දැමිය යුතුයි. (සිසුන් බඳවා ගැනීම ස්ථීර පදනම යටතේ නවතා දැමිය යුතුය)
 
2  වසර 2016ට පෙර බඳවා ගන්නා ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම සුදුසුකම් සපුරන ලද සිසුන්ට ( උසස් පෙළ විභාගයේදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ) ඔවුන්ගේ පාඨමාලා අවසන් කිරීමට ඉඩ දිය යුතු අතරම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අමතර පුහුණු අවශ්‍යතා සැපිරීමෙන් පසු ඔවුන්ට වෛද්‍ය ශ්‍රම බලකායට ඇතුළත් කර ගත යුතුය. එමෙන්ම ඔවුන්  ලංකා වෛද්‍ය සභාවේ බලපත්‍ර විභාගය ද සමත් විය යුතුය.
 
3  වසර 2016ට පෙර බඳවා ගන්නා ලද සිසුන් සඳහා පවත්වන අන්තර්කාලීන වෛද්‍ය උපාධි අධ්‍යයන  වැඩසටහන සහ වෛද්‍ය උපාධිය පිරිනැමීම  ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ රෙගුලාසිවලට අනුකූලව අන්තර්කාලීන ස්වාධීන අධිකාරියක් විසින් අනුමත කළ යුතුය.
 
4 වෛද්‍ය පනතේ 72.4 වගන්තිය ප්‍රකාරව  1 සහ 3 නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එම අනුමැතිය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මගින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා වෙත එම ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර ඇත. ලිපියේ පිටපත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයාටද  යොමු කර තිබේ.
 
මෙම නිර්දේශ අනුව කටයුතු කරන්නේ නම් අනාගතයේදී  මෙරට වෛද්‍ය අධ්‍යාපන වැඩසහන් ඉහළම ප්‍රමිති සහ සම්මතවලට අනුව ක්‍රියාත්මක වීමත් වෛද්‍ය අධ්‍යාපනය  සුරක්ෂිත වීමත් වනු  ඇතැයි  පීඨාධිපතිවරු සඳහන් කරති.
 
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, පේරාදේණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ, රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් විමලසුන්දර, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. රවිරාජ්, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා,  ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සත්කාර විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඇන්ජෙලා අරුල්ප්‍රගාසම් සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන යන මහත්ම මහත්මීන් එම ලිපියට අත්සන් තබා ඇත.
 
ආශිකා බ්‍රාහ්මණ 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සයිටම් ප්‍රශ්නය විසඳන්න පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ !
සයිටම් ප්‍රශ්නය විසඳන්න පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ !
http://ift.tt/2w98R7E
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy