දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලි මහා අවුලක! කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි
Homeප්‍රවෘත්ති

විදුලි මහා අවුලක! කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි

PropellerAds

ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ...

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක්
අගමැති ආරක්ෂක අංශ පොලිස් නිළධාරියෙක් දුම්රියෙන් වැටී මරුට
'කිසිම සිසුවෙකු සමාන්‍ය පෙළ අසමත් නොවිය යුතුයි' - අගමැති
ඉල්ලූමට සරිලන තරම් විදුලි නිෂ්පාදනයක් සිදු නොවන නිසා නිල වශයෙන් දිනකට පැය කිහිපයක් විදුලිය කපා හැරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

කැලණිතිස්ස බලාගාරයේ මෙගොවොට් 110 ක විදුලි බලයක් ජාතික විදුලි පද්ධතියට එක් කළ ජී. ටී. – 7 බලාගාරය පෙරේදා (06 වැනිදා) සිට අක‍්‍රීය වූ අතර ඉන් පසුව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ක‍්‍රියාත්මක වෙමින් තිබූ මොගොවොට් 300 ක්, කොළඹ වරායේ බාච් බලාගාරය (මොගොවොට් 60) සපුගස්කන්ද (මෙගොවොට් 68) වශයෙන් බලාගාර කිහිපයක නිපදවූ මෙගොවොට් පන්සීය තිස් අටක්ම පද්ධතියෙන් ඉවත්ව ඇත.

මේ නිසා 06 වැනිදා රාත‍්‍රියේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලිය කපා හැරීමට සිදුවූ අතර බලාගාර කිහිපයකටම අවශ්‍ය ඞීසල් හා දැවි තෙල් නොමැතිවීම නිසා බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබූ බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය කියා සිටියේය.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ සමස්ත විදුලි නිෂ්පාදනය මෙගොවොට් 900 කි. නමුත් සති කිහිපයක සිට එම බලාගාරයේ මෙගොවොට් 300 කින් සමන්විත එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අලූත්වැඩියා කටයුත්තක් සඳහා නතර කර තිබිණි.

ඒ අතරතුර කැලණිතිස්ස බලාගාරයේ ජීටී – 07 බලාගාරය හදිසියේ නතර වූ පසු විදුලි පද්ධතිය බිඳ වැටීමෙන් ක‍්‍රියාත්මක වෙමින් තිබූ නොරොච්චෝල බලාගාරයේ මෙගොවොට් 300 ක එක් යන්ත‍්‍රයක් පද්ධතියෙන් ඉවත්වී අක‍්‍රීය වූ බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ පැවසූහ.

අක‍්‍රීය වූ මෙගොවොට් 300 නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක් කිරීමට දින හතකට වඩා යන බවද ඔවුහු පැවසූහ.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඞීසල් හා දැවිතෙල් බලාගාර සඳහා ලබාදීම පමා කිරීම නිසා බරපතළ විදුලි අර්බුදයක පෙර නිමිති මතුවී ඇතැයිද ඔවුහු කියා සිටියහ.

හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඞීසල් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවුවහොත් එම බලාගාරවලට අවශ්‍ය ඞීසල් මිලදී ගැනීමට ඩොලර් ප‍්‍රශ්නය හරස් වී ඇතැයිද ද ඉංජිනේරුවෝ කියා සිටිති.

වාර්ෂිකව මෙරට විදුලි ඉල්ලූම මෙගොවොට් 250-300 කින් පමණ ඉහළ ගියත් 2006 න් පසු එකදු විදුලි බලාගාරයක් හෝ ඉදි නොකළ නිසා ඉදිරි කාලයේදී අඛණ්ඩව රටට විදුලිය ලබාදීම මහ අවුලක බවද ඔවුහු කියා සිටිති.

දැන් ප‍්‍රශ්නය වී ඇත්තේ දිනකට කපන පැය ගණන තීරණය කිරීම නොව දිනකට විදුලිය ලබාදිය හැකි පැය ගණන තීරණය කිරීම යැයිද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කියති.

ශිරාන් රණසිංහ
– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලි මහා අවුලක! කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි
විදුලි මහා අවුලක! කපන පැය ගණන නොව නොකපන පැය ගණන තීරණය කරන්න වෙයි
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg1GDAjkxqidwmpmAEbaOUmDaR3cLDLoJbhJJWOP5AeTD6RIfP8t37_iZV4uwqmaA1qNAp7sneXj0aNKIGARtDcX69HHGii2rgZ-4Ye1aVP-LbJISpcf3--Z-Hmx-DBxRaJGEl5xYTogd_XKZB1_22OVgQ_5SEF3A4vtvg3clNGfiohS-tcTnWfLfSTkw=w320-h212
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg1GDAjkxqidwmpmAEbaOUmDaR3cLDLoJbhJJWOP5AeTD6RIfP8t37_iZV4uwqmaA1qNAp7sneXj0aNKIGARtDcX69HHGii2rgZ-4Ye1aVP-LbJISpcf3--Z-Hmx-DBxRaJGEl5xYTogd_XKZB1_22OVgQ_5SEF3A4vtvg3clNGfiohS-tcTnWfLfSTkw=s72-w320-c-h212
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/01/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy