2018 වසර වනවිට මෙරට කිසිම සිසුවෙකු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වී පාසල් අධ්‍යාපනය අවසන් කළ යුතු නැති බවත් වසර 13ක...
2018 වසර වනවිට මෙරට කිසිම සිසුවෙකු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වී පාසල් අධ්‍යාපනය අවසන් කළ යුතු නැති බවත් වසර 13ක අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (12) කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවති කොළඹ දිස්ත්‍රික් 51 වෙනි බාලදක්ෂ කැම්පෝරියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
ඉදිරි කාලයේ ගුරුවරුන් බඳවා ගැනීමේ දී බාලදක්‍ෂ ව්‍යාපාරයට සහ ශිෂ්‍යභට ව්‍යාපාරයට සම්බන්ධ වූ අය සඳහා විශේෂත්වයක් ලබාදීමට කටයුතු කරන බවත් පාසල් විෂය මාලාව සඳහා බාලදක්‍ෂ ව්‍යාපාරය සම්බන්ධ කරුණු ඇතුළත් කරන බවත් අගමැතිවරයා මෙහිදී කියාසිටියේය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා, "මමත් මීට වසර 52 කට පෙර පෝතක ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කළා. අප එකල අධ්‍යාපනයට මෙන්ම මෙවැනි කටයුතු සඳහා ද උනන්දු වුණා. පස්වැනි ශ්‍රේණියේ විභාගය තිබෙනවා යැයි කියා මෙවැනි කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා යැයි අපට කිසිවෙකුත් පැවසුවේ නැහැ. අප අධ්‍යාපන කටයුතු සිදුකරන අතර තුරම ක්‍රීඩා ආදියට සහභාගී වෙමින් පෝතක ක්‍රියාකාරකම්වලද යෙදුණා.
පෝතක ව්‍යාපාරය මගින් කුඩා කාලයේ අපේ ජීවිතයට හොඳ අත්දැකීමක් ලැබුණා. ඔබ සියලූ දෙනාම දැන් ලබාගන්නේ එවැනි අත්දැකීමක්. වර්තමානයේ දී පාසල් කීයක පෝතක ව්‍යාපාරය තිබේ දැයි මා අද කොමසාරිස්තුමාගෙන් විමසුවා. පාසල් දහසක පමණ පෝතක ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවා. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් 8000 - 9000 ක් පමණ තිබෙනවා. ඉතිං එම පාසල්වලට බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්නට නොහැකි වන්නේ ඇයි? මේ සඳහා ගුරුවරුන් හිඟකමක් තිබෙන බව පවසනවා. එසේ නම් අපට යෝජනා ලබාදෙන්න.
ඉදිරි කාලයේ ගුරුවරුන් බඳවා ගැනීමේ දී බාලදක්‍ෂ ව්‍යාපාරයට සහ ශිෂ්‍යභට ව්‍යාපාරයට සම්බන්ධ වූ අය සඳහා විශේෂත්වයක් ලබාදීමට අප කටයුතු කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටිනවා. විෂය මාලාවලටත් මෙවැනි දේ ඇතුළු කිරීම පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කොට පෝතක බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගත් පියවර පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.
කාලයක් තිස්සේ අධ්‍යාපනයේ අරමුණ බවට පත් වී තිබුණේ අධ්‍යාපනය දියුණු කිරීම නොව ඒ තුළින් දේශපාලනය කිරීමයි. දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගන්නට ගියහොත් අධ්‍යාපනය දියුණු කරන්නට බැහැ. එවිට අධ්‍යාපනය සාර්ථක වන්නේ නැහැ. මෙම තත්ත්වය නිසා අප රටේ සිසු සිසුවියන් ගණනාවක් පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්වුණා. එලෙස ඉවත් වී අනාගතයක් නැති කරගත්තා.
2018 වසර වන විට කිසිම සිසුවකු සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වී පාසල් අධ්‍යාපනය අවසන් කළ යුතු නැහැ. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදීම අපේ අරමුණයි. වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වශයෙන් විද්‍යා සහ ගණිත අධ්‍යාපන ගුරු හිඟයක් පවතිනවා. වර්තමානයේ සිටින ගුරුවරුන්ට අමතරව ගුරුවරුන් 5000 ක් බඳවා ගෙන පුහුණු කිරීමේ වැඩසටහනක් පිළිබඳව අප දැන් සාකච්ඡා කරනවා. එම පිරිස දුෂ්කර පාසල් සඳහා යොමු කර එම ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියමක් ලබාදීම අපේ අරමුණයි" යි වැඩිදුරටත් කියාසිටියේය.
COMMENTS