දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී.60-70 පමණ දක්වා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තම...
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී.60-70 පමණ දක්වා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (13) දහවල් 12.00 සිට ඉදිරි පැය 24 දක්වා වූ කාලය තුළ තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවා සිටී.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත් හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය විටෙක පැ.කි.මී. 50-55 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විය හැකි බව පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස දන්වා සිටී.
COMMENTS