දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පවතින ආර්ථික අර්බුදය අපට දරාගන්න පුළුවන්.. IMF ගියොත් ඩොලරය 240 වෙනවා..
Homeප්‍රවෘත්ති

පවතින ආර්ථික අර්බුදය අපට දරාගන්න පුළුවන්.. IMF ගියොත් ඩොලරය 240 වෙනවා..

PropellerAds

රටේ ස්වාධීනත්වයට හානි වන අයුරින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා...

ජාත්‍යන්තර බෝනොවන රෝග සමුලුවක් අද
විශ්වාසභංගයට පෙර ඉවත්වන්නැයි ශ්‍රීලනිපය අගමැතිට කියයි! නව අගමැති ගැනත් ඩිලාන්ගෙන් ඉඟියක්
වෙසක් ‍පෝයට තොරණ ප්‍රදර්ශනය තහනම්!
රටේ ස්වාධීනත්වයට හානි වන අයුරින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය. මහබැංකු ශ්‍රවණාගාරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී කබ්රාල් මහතා මේ බව පැවසීය. අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ආධාර නොමැතිව විදෙස් ණය ගෙවීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතින බවද හෙතෙම කීවේය. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය රටට දරා ගැනීමට හැකියාව තිබෙන බව අවධාරණය කළ ඒ මහතා, කලින් පැවැති ආණ්ඩුව ගෙන ඇති ණය වාරික ගෙවීමට සිදුවීම මේ තාවකාලික ආර්ථික අර්බුදයට හේතුව බවද කීවේය.

එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම ඇනහිටීම ද ආර්ථික අර්බුදයට බලපෑ බව කී අධිපතිවරයා, එම නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ඩොලර් බිලියන 4.5 ක ආදායම අහිමි වූ බවද පෙන්වා දුන්නේය. මේ සතිය තුළ චීන මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවට කෝටි 150ක හුවමාරු ණය පහසුකම් (අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5) දීමට තීරණය කර තිබේ. මෙය මෙරටට ලැබීමත් සමඟ මෙරට විදේශ නිල සංචිතය කෝටි 310ක් (පද ඩොලර් බිලියන 3.1) දක්වා ඉහළ යනු ඇත. චීනයෙන් ලැබෙන හුවමාරු ණය පහසුකම යටතේ (swap) එම මුදල මෙරටට ලැබීමට නියමිතය. අදාළ ණය මුදල චින මුදල් ඒකකය වන යුවාන් මුදල් ඒකකයෙන් ලැබෙන අතර මෙරට විදෙස් සංචිත තව දුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම හුවමාරු ගනු දෙනුව සිදු කෙරේ.

දැනට ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 1.6ක විදේශ සංචිතයක් පවතින බවත් 2021 දෙසැම්බර් 31 වැනිදා වන විට එය ඩොලර් බිලියන 3කට වර්ධනය වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

රටේ යුද්ධයක් පැවැති අවස්ථාවේදී ඩොලර් මිලියන 800 ක විදෙස් සංචිතයක් පමණක් පැවැති නමුත් රටට අහිතකර ප්‍රතිඵලයක් උදා වී නැතැයි ද ඒ මහතා කීවේය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය සහන පැකේජ ගත් කුඩා රටවල් අස්ථාවරත්වයට පත් වී තිබෙන බවත් ආර්ජන්ටිනාව මාස 6ක් වැනි සුළු කාලයක් තුළ ජනාධිපතිවරු 5 දෙනෙක් පත්වීම එයට හොඳම උදාහරණය බවත් ඔහු පෙන්වා දුන්නේය.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආධාර පැමිණෙන්නේ කොන්දේසි මත බවත් රුපියල පාවෙන තත්ත්වයට පත් කිරීමට ඔවුන් නියම කරන බවත් එවිට ඩොලරය රුපියල් 240ක මට්ටමට නඟිනු ඇති බවත් ඔහු කීවේය. මීට කලින් වතාවක එනම් 2014 දී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් පරිදි කටයුතු කළ අවස්ථාවේ දී රුපියලට සාපේක්ෂව ඩොලරය 132 සිට 185 දක්වා ඉහළ ගිය බවද කීවේය. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් සියලුම ආනයන සියයට 20කින් පමණ ඉහළ යා හැකි අතර එය දරා ගත නොහැකි වේ. මූල්‍ය අරමුදලේ අනිත් කොන්දේසිය වන පොළී අනුපාත ඉහළ දැමීම ද ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව ඔහු කීවේය. තවද රජයේ අංශ වෙත මුදල් ගෙවීම නතර කිරීමට ද එම අරමුදල නියම කරන බවත් එයින් රාජ්‍ය සේවය කඩාවැටෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජය සතුව පවතින වටිනා සම්පත් විකිණීමට එම සංවිධානය නියම කරන බවත් රජයේ බැංකු පෞද්ගලීකරණය කිරීමටත් ඔවුන් නියම කරන බවත් එය ප්‍රශ්න රාශියක් ඇති වන කාරණයක් බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර ගැනීමේ දී ඉහත කොන්දේසිවලට එකඟ වීමට සිදු වන බවත් එය සාර්ථක විකල්පයක් නොවන බවත් ඔහු කීවේය. විපක්ෂය මේ කාරණා හොඳින් දන්නා බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යන ලෙස පවසන්නේ ඒ නිසා බවත් කබ්රාල් මහතා පැහැදිලි කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට භාරදෙන විට රටේ දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 79ක පැවැති බව කියූ අධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඉදිරි පස් වසර ඇතුළත එය වැඩි වූයේ ඩොලර් බිලියන 5කින් පමණක් බවත් ස්වෛරී බැඳුම්කර වර්ධනය වූයේ ඩොලර් බිලියන 5 සිට බිලියන 15ක් දක්වා පමණක් බවත්ය. ශ්‍රී ලංකාවට පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවිය හැකි බවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ගැනීම අවශ්‍ය නොවන බවත් පැවසීය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන තත්ත්වය අප රටට පමණක් ආවේණික තත්ත්වයක් නොවන බවත් මේ කාලයේ තවත් රටවල් රැසක් එම ගැටලුවට මුහුණ දෙන බවත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ අවස්ථාවේදී කීවේය. ඉදිරි කාලයේදී මේ තත්ත්වය සමනය වනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් කීවේය.

– ගාමිණි ජයලත්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පවතින ආර්ථික අර්බුදය අපට දරාගන්න පුළුවන්.. IMF ගියොත් ඩොලරය 240 වෙනවා..
පවතින ආර්ථික අර්බුදය අපට දරාගන්න පුළුවන්.. IMF ගියොත් ඩොලරය 240 වෙනවා..
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjNfN1pjjRhQRbk0T_O-4SFf2IIYWU_dwqds5lJ27ejvompt9kAwVhEa0-CE4YssNa0tWrj4Mb3ZCQk7gLH_QHT8KKoEGNmhDN_CCiMPeq3XMBTWNAAHgrlwBoOq58OMSZHMEonz5uMnMqZ5JJRJzdSU_L94fvP_BCY6PkheHie0X0EvjoQuspbZPLs5g=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjNfN1pjjRhQRbk0T_O-4SFf2IIYWU_dwqds5lJ27ejvompt9kAwVhEa0-CE4YssNa0tWrj4Mb3ZCQk7gLH_QHT8KKoEGNmhDN_CCiMPeq3XMBTWNAAHgrlwBoOq58OMSZHMEonz5uMnMqZ5JJRJzdSU_L94fvP_BCY6PkheHie0X0EvjoQuspbZPLs5g=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/imf-240.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/imf-240.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy