අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍රේල් 04වැනිදාට පෙර ධූරයෙන් ඉල්ලා අස...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සම්මුතිවාදී රජයත්, තම පක්ෂයත් ආරක්ෂා කරගැනීමේ උවමනාවක් තිබේ නම් ඔහු අප්‍රේල් 04වැනිදාට පෙර ධූරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද(30) පැවති මාධ්‍ය හමුවකදීය.
විශ්වාසභංගයට විරුද්ධ වීමේ හැකියාවක් තම පක්ෂයට නැතැයිද අගමැතිවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශය යටතට ගෙන තිබූ මහා භාණ්ඩාගාරය යළිත් මුදල් අමාත්‍යාංශය යටතට පත්කිරීම තුළින් ජනාධිපතිවරයා කර තිඛෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිටින තමන් වැනි අයට ආශීර්වාදයක් යැයිද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
අගමැතිවරයා ඉවත්වීමෙන් සම්මුතිවාදී ආණ්ඩුව නැති වන්නේ නැතැයිද අලූතින් පත්වන අගමැතිවරයා සමඟ සම්මුතිවාදී ආණ්ඩුව ගැන තීන්දුවක් ගත හැකි බව ද ඔහු සඳහන් කළේය.
එම නව අගමැතිවරයා එ.ජා.පයේ, ශ්‍රී.ල.නි.පයේ හෝ රතන හිමියන් හෝ දොස්තර මහත්මයෙකු හෝ ආණ්ඩුව සිටින වෙනත් පක්ෂයක අයෙක් විය හැකි බව ද ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.
විශ්වාසභංගය ගෙනෙන්නේ සම්මුතිවාදී රජය කඩන්නට කියමින් දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් පක්ෂ වෙත වැරදි මතයක් ලබාදීමට ඇතැමුන් උත්සාහ කරන බවත් එය සම්පූර්ණ බොරුවක් බවත්, ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ඉවත්වන්නැයි කියමින් සම්මුතිවාදය නැති කරන්නට යන්නේ අගමැතිවරයාගේ කණ්ඩායමේ අය බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS