කිලිනොච්චිය , පරන්තන් උමයාගපුරම් ප්‍රදේශයේ අබලි යකඩ එකතු කරන නිවසක මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල ...
කිලිනොච්චිය , පරන්තන් උමයාගපුරම් ප්‍රදේශයේ අබලි යකඩ එකතු කරන නිවසක මෝටාර් උණ්ඩයක් පුපුරායාමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු විසින් නිවසේ කාමරයක් තුල රහසිගතව මෙලෙස මෝටාර් උණ්ඩයක් ගලවා කොටස්කිරීමට ගත් උත්සහයකදී මෙලෙස පුපුරා ගොස් ඇති බවට පොලිස් මූලික පරික්ෂණ වලදී හෙලි වී ඇත.
මෝටාර් උණ්ඩය පුපුරා යාමෙන් වැඩිමල් සොහොයුරා එම ස්තානයේදීම මිය ගොස් ඇති අතර බාල සොහොයුරා බරපතල තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කොට ඇතැයිද පොලීසිය පැවසීය.
එලෙස බෝම්බ පිපිරීමෙන් මියගොස් ඇත්තේ කිලිනොච්චිය , පරන්තන් , උමයාගපුරම් ප්‍රදේශයේ පදිංචි සිවලිංගම් සිවරාජ් නැමති 25 හැවිරිදි අයකු ඔහුගේ බාල සොහොයුරාවූ 15 හැවිරිදි පාසල් සිසුවෙකුද වන සිවලංගම් නිලක්ෂණ් බරපතල තුවාල ලබා ඇත.
අබලි යකඩ එකතු කරන ස්ථානයක යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන ලද බෝම්බ මෙලෙස ගලවා කොටස් කිරීමට හේතුව මෙතෙක් හෙලි වී නොමැති අතර බෝම්බ ගලවා කොටස් කිරීම සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS