කො රෝනා ව්‍යසනය නිසා ජනාධිපතිවරණ පොරොන්දු ඉටු කරන්නට නොහැකි බවත් ඒ තබා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවාගැනීමටත් අපහසු මට්ටමකට රජය පත්ව සිටින බ...
කොරෝනා ව්‍යසනය නිසා ජනාධිපතිවරණ පොරොන්දු ඉටු කරන්නට නොහැකි බවත් ඒ තබා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවාගැනීමටත් අපහසු මට්ටමකට රජය පත්ව සිටින බව කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"දැන් ඒ කියන පොරොන්දු ඔක්කොම දීලා තියෙන්නෙ කොරෝනා කියන ලෝක ව්‍යසනය නැතුව. ඔබතුමන්ලා සියලු දෙනාම ප්‍රායෝගිකව දකිනවා මුළු ලෝකෙම ලෝක ඉතිහාසයේ මෙවැනි සිද්ධියක් වෙලා තියෙන පළවෙනි අවස්ථාව. රජයට ඒ මැතිවරණ පොරොන්දු ඒ ආකාරයෙන් ඉෂ්ඨ කරන්න පුළුවන් නෙවෙයි, එදිනෙදා මහජනතාවට වැටුප් ගෙවන්න මහජනතාවගෙන්ම මුදල් එකතු කිරීම පිළිබඳව පවා ගැටළුවක් තියෙනවානෙ.
එදිනෙදා රාජ්‍ය සේවාවල් පවත්වාගෙන යාම, ගත්ත ණය වාරික පොළී ගෙවීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, සමෘද්ධි සහනාධාර ගෙවීම, මේ සියල්ලටම. මේ සියල්ල කරන්නෙ රජයට ලැබෙන ආදායමෙන්. මේ කාගෙවත් මුදල් නෙවෙයි. පොදු මහජනතාවගේ මුදල්. ඒනිසා ඒ මුදල්වලින් ලැබෙන ආදායම ඒ සියල්ල පසුගිය මාසවලදී නතරවෙලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා පැවසුවේ.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

COMMENTS