හදිසි මිලදී ගැනීම් ලෙස බොරතෙල් මිලට ගැනිමට අවශ්‍ය විදේශ විනිමය හිගය නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය වූ බව බලශක්ති අමාත්‍යං...
හදිසි මිලදී ගැනීම් ලෙස බොරතෙල් මිලට ගැනිමට අවශ්‍ය විදේශ විනිමය හිගය නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා තැබීමට තීරණය වූ බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් පහළට වැටී ඇති නිසා ණය පදනමින්ද බොරතෙල් මිලදී ගැනීම ද දුෂ්කර වී ඇති බවයි.
මෙරට දිගුකාලීන බොරතෙල් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇති සිංගප්පූරුව බොරතෙල් සැපයීම ආරම්භ කරන්නේ ජනවාරි මස 26 වනදා බවත් ඒ අනුව ජනවාරි මස අවසානයට පෙර පිරිපහදුව යළි ආරම්භ කිරීමට සූදානමින් සිටින බව නිවේදනයේ දැක්වෙයි.
දැනට ඇති බොරතෙල් තොග අවසන් වීම නිසා ජනවාරි මස තුන් වන දා සිට පිරිපහදුව වසා දමන බවද එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත් තාවකාලිකව පිරිපහදුව වසා දැමීම මත රට තුල ඉන්ධන හිඟයක් ඇති නොවන බවද ඔවුන් තවදුරටත් කියා සිටී.
COMMENTS