උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වි. විගේනේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් අමාත්‍යවරුන් වන ආනන්දි ශෂීදරන් සහ පී. ෂිවනේෂන් යන වගඋත්තරකරුවන් ලබන ...
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වි. විගේනේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් අමාත්‍යවරුන් වන ආනන්දි ශෂීදරන් සහ පී. ෂිවනේෂන් යන වගඋත්තරකරුවන් ලබන 18 වන දා යළි අධිකරණය හමුව් පෙනී සිටින ලෙස අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද අවාවාද කර ඇත.
එම විත්තිකරුවන් තිදෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුවයි.
අභියාචනාධිකරණය විසින් පසුගිය ජුනි 29 වන දින නිකුත් කරන ලද නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට කළ අපහාසය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔවුන් තිදෙනා අද දින අධිකරණයට කැඳවා තිබුණි.
උතුරු පළාත් ඇමතිවරයකු ලෙස කටයුතු කළ බී. ඩැනීෂ්වරන් මහතාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පසුගිය අගෝස්තු මස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වි. විග්නේෂ්වරන් මහතා විසින් නිකුත් කර තිබු ලිපිය ක්‍රියාත්මක කිරීම බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් 09 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ද එහිදී නියෝග කළේ ය.
COMMENTS