දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා…
Homeප්‍රවෘත්ති

අනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා…

PropellerAds

අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා...

ඇමසන් වනය ඈවරයි!
මත්පෙති සහ මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට පොලීස්, ති‍්‍රවිධ හමුදා, බුද්ධි අංශ මෙහෙයුමක්
රාජිත එරෙහිව විශ්වාසභංගයක්!
අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.හමුදා සාමාජිකයන් එතුමාගේ සාත්තර මන්තර ජප කරන කෙනකු ළඟට මෙලෙස යැවීමට පුළුවන් දැයි මෙහිදී ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා හමුදා සාමාජිකයන්ට සලකන විදිය මින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි චමල් රාජපක්ෂ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් තමාට ඒ පිළිබඳ තොරතුරු ලබා දිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

හමුදා සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වැරදි වැඩක් බවද ඔහු පැවසුවේය.

හමුදාවේ පහළ සාමාජිකයන් දේශපාලඥයන්ගේ වැඩ කටයුතුවලට මෙන්ම පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් නිතර යොදවන බවත් නාවික හමුදාවේ ඇතැම් සාමාජිකයන්ද පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් මේ ආකාරයට යොදවා ඇති බවත් දිසානායක මහතා පැවැසීය.

හමුදා පහළ සාමාජිකයන් පෞද්ගලික ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම වහාම නතර කළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා රට වෙනුවෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කර ඇති හමුදා සාමාජිකයන්ට ගෞරවය ලබා දිය යුතු බවද කිවේය.

ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ආහාර වේල ගැනද ආරක්ෂක ඇමැතිවරයා අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ද අද විශේෂ පීඩාවකට ලක්ව සිටින බවත් පොලිස් සැරයන්වරුන්ගේ සහ කොස්තාපල්වරුන්ගේ බරපතළ හිඟයක් පවතින බවත් අනුර දිසානායක මහතා පැවැසීය.

රටේ කොස්තාපල්වරුන් 17,500 හිඟයක් පවතින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

– lankadeepa
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා…
අනුරාධපුරේ ඥාණක්කගේ හෝටලේ හදන්න හමුදාව දාලා…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhnhEvSZ-efN42cEa95FqfdwX3S-rGd4qGgRCDqUjsh-kksMhu-LQDeJhOoOcyUCLw4ujLUv5QC7RO2tHWSYzJ5iAe8I0eFBh295gfjCW4BSxzD0Xc9YWmQmXnNhqpqs4fg-X2fgloczqczU1xVScRGzJS6yJMR3DsAfrALYNSGJrBaFZG7b9MkgVIQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEhnhEvSZ-efN42cEa95FqfdwX3S-rGd4qGgRCDqUjsh-kksMhu-LQDeJhOoOcyUCLw4ujLUv5QC7RO2tHWSYzJ5iAe8I0eFBh295gfjCW4BSxzD0Xc9YWmQmXnNhqpqs4fg-X2fgloczqczU1xVScRGzJS6yJMR3DsAfrALYNSGJrBaFZG7b9MkgVIQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_4.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_4.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy