පො ලිස්පති පූජිත් ජයසුන්දර මහතාව සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදු...
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් මහාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව ඊයේ (09) මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
කෙසේවෙතත් අදාළ පුද්ගලයින් දෙදෙනා සිරගත කිරීම සඳහා නීතිපති දප්පුල ලිවේරා මහතා පුදුමාකාර හදිසියකින් පෙළෙන බව ඉතාම පැහැදිලිව පෙනෙන කරුණකි. ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබුණේ පසුගිය ජුනි 27 වන බ්‍රහස්පතින්දාය. ඔවුන්ව අත් අඩංගුවට නොගත්තේ මන්දැයි විමසා සිහිකැඳවමින් යළිත් ලිපියක් වැඩබලන පොලිස්පතිවරයා වෙත ජුලි 01 වන සඳුදා දිනයේ ද නීතිපති විසින් යොමුකර තිබිණි. නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබුණේ ඔවුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කිරීමටය.
එහෙත් ඊයේ දිනයේදී පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්ට ඇප ලබා දෙමින් සහ ඔවුන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා ගොනු කිරීම ප්‍රතික්ෂේප කරමින් දැඩි ප්‍රකාශයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකළ අතර එහිදී ඇය අවධාරණය කර තිබුණේ යම් යම් පුද්ගලයින්ට වුවමනා අයුරින් අධිකරණය භාවිතා කිරීමට ඉඩදිය නොහැකිය යන්නයි.
අගවිනිසුරු, නීතිපති, අභියාචනාධිකරණ සභාපති යන තනතුරු තුනටම ජනාධිපතිවරයා විසින් මේ වනවිට පත් කරගෙන සිටින්නේ තම හිතවතුන් බවත් රටේ නීතියේ ආධිපත්‍ය මේ හරහා බරපතළ අභියෝගයකට මුහුණ දී ඇති බවත් ලංකා නිව්ස් වෙබ් අප ලීවේ මීට කලකට පෙරය. දැන් එය ඔප්පු වෙමින් තිබේ.

COMMENTS