මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ” මාධ්‍යවේදී ඝාතනයන් පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය” The Peo...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ” මාධ්‍යවේදී ඝාතනයන් පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය” The People’s Tribunal on the Murder of Journalists විසින් අද (02) ආරම්භ කරයි.
මෙම නඩුවෙහි අපරාධ චෝදනා ගොනු කැරෙන්නේ ශ්‍රි ලංකා ආණ්ඩුවට එරෙහිවය.
පළමු නඩු විභාගය අද හේග්හිදී, මධ්‍යම යුරෝපීය වේලාවෙන් පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැවැත්වේ.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අමරතව ලොව කැළඹූ තවත් ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ඝාතන එම අධිකරණය විමසා බලනු ඇත.
ඒ තුර්කියේ සවුදි අරාබි තානාපති කාර්යාලය තුළද ඝාතනය කරන ලද වොෂින්ටන් පොස්ට් ලේඛක ජමාල් කිෂෝගි සම්බන්ධ විභාගය සහ යුරෝපා සංගමයේ රටක් වන වෙලස්කෝ හි දී ඝාතනය කරන ලද ගවේෂණාත්මක ජනමාධ්‍යවේදිනී ඩැෆ්නි කරුවානා ගලීෂියා නඩු විභාගයයි.
කිෂෝගිගේ පෙම්වතිය සහ ඩැෆ්නි කරුවානා ගේ පුතා ද සාක්ෂිදීමට නියමිතය.
එහිදී ප්‍රථමයෙන්ම විභාගයට ගනු ලැබෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයයි.
සිය පියාගේ ඝාතකයින් අධිකරණය ඉදිරියට ගෙන ඒමට අනවරත අරගලයක යෙදී සිටින අහිම්සා වික්‍රමතුංග එහිදී සාක්ෂී දීමට නියමිතව ඇති බව පැවසේ.

COMMENTS