ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මතභේදයට මැදිවී සිටින චීනයේ Qingdao Seawin Biotech Group නම් පොහොර සමාගමේ කීර්තිය පහත හෙළමින් ජාතික ශාක ...
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මතභේදයට මැදිවී සිටින චීනයේ Qingdao Seawin Biotech Group නම් පොහොර සමාගමේ කීර්තිය පහත හෙළමින් ජාතික ශාක නිරෝධායන සේවාව (NPQS) නිකුත් කර ඇති කාබනික පොහොර පිළිබද වාර්තාව නිවැරදි නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ FAO ආයතනය වෙත පැමිණිලි කරන බවට අනතුරු අඟවා තිබේ.
මෙම කරුණ දැන් අධිකරණය හමුවේ පවතින අතර සමාගමට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී Qingdao Seawin විසින් අවශ්‍ය ලියකියවිලි අධිකරණයේ සලකා බැලීම සඳහා සාක්ෂි ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බව නීතීඥයින් විසින් චීන සමාගමේ නිලධාරීන්ට තහවුරු කර ඇත.
Qingdao Seawin Biotech සමූහයේ උප සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී Anna Song මහතා Daily Mirror පුවත්පත වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා ඇත්තේ Qingdao Seawin සමූහය විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ ඉතාලිය ඇතුළු රටවල් 56 කට වැඩි ගණනකට සපයන බවයි.

COMMENTS