කො රෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියාමාර්ග වලට දේශපාලන වාසි අවාසි නොබලා සහාය දීම අපගේ යුතුකම බව කොළඹ නගරාධිපතිනි ර...
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියාමාර්ග වලට දේශපාලන වාසි අවාසි නොබලා සහාය දීම අපගේ යුතුකම බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කළාය. කොරෝනා මැඩලීම සඳහා සහාය දීම මේ මොහොතේ රට ජාතිය වෙනුවෙන් තම යුතුකම බව ද පැවසූ ඇය කිසිවකු මෙම වැඩපිළිවෙලට සහාය නොදෙන්නේ නම් එය මහා අනුවණකමක් බව ද පැවසීය.
මේ වන විටත් කොළඹ නගර සභාවේ සේවකයන්, වෛද්‍ය නිලධාරීන් දවසේ පැය 24 පුරාම කොරෝනා වසංගතය පලවාහැරීමට ආරක්ෂක අංශ සමග එක්ව විශාල පරිශ්‍රමයක් දරන බවද ඇය සඳහන් කරයි.
දැනට සිදු කරන වගා සංග්‍රාමයට ද නගර සභාව විශාල වශයෙන් සහයෝගයක් ලබාදීමට ද බලාපොරොත්තු වන බවත් පවසන ඇය මේ මොහොතේ දේශපාලන භේදයක් අවශ්‍ය නොවන බවත් සඳහන් කළාය.

COMMENTS