ප වතින තත්වය පෙන්වමින්, නීතිවිරෝධී ලෙස ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් ලක්ෂ 47ක අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මි...
පවතින තත්වය පෙන්වමින්, නීතිවිරෝධී ලෙස ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් ලක්ෂ 47ක අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කර තිබේ.
මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවකගේ අත්සනින් පමණක් සකස් කරන ලද ලියකිවිලි මගින් යකඩ ඇඳන්, මෙට්ට, විදුලි පංකා සහ මදුරු දැල් තොගයක් මෙසේ මිලදීගෙන ඇත.
සභාපතිවරයාගේ අත්සනින්, හදිසි අවස්ථාවකදී මෙසේ මිලදී ගැනීමට නීත්‍යනුකූල අවසරය ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක වටිනාකම සහිත භාණ්ඩ පමණි. එසේම මෙම භාණ්ඩ තොගය මිලදීගෙන ඇත්තේ මණ්ඩලයේ අනුමත පෞද්ගලික ආයතනවලින් නොවන අතර, මණ්ඩලයේ පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියේ මෙහෙයවීම මත හෝමාගම සහ අතුරුගිරියේ වෙළෙඳසැල් දෙකකින් ය.
ඉහත සියලු භාණ්ඩ 500 බැගින් මිලදී ගැනීමට සැලසුම් කර ඇති අතර, මේ වනවිට එයින් මෙට්ට 500ක් පමණක් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගෙනැවිත් තිබේ.
එහෙත් එම භාණ්ඩ තොගයට අදාළ ලියකියවිලි විධිමත් නොවීම නිසා සැපයුම් අංශය භාර ප්‍රධානියා එම මෙට්ට තොගය භාරගත් බවට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේම මණ්ඩලයේ ආරක්ෂක අංශය මගින් සිය ලොග් පොතේ සටහන් කර ඇත්තේ මෙට්ට ඇතැයි සඳහන් කළ ලොරියක් ආයතන පරිශ්‍රයට ඇතුළු වී, පිටව ගිය බවකි.
මේ සම්බන්ධයෙන් විමසීමට මණ්ඩලයේ සභාපතිවරයා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, ඒ වෙනුවට මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි සාගර හේමන්ත වඩුගේ සම්බන්ධ කර ගැනීමට හැකි විය.
කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පිහිටි මණ්ඩලයේ ඩිපෝවල සේවය කරන සේවකයන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් මෙසේ මිලදී ගත් බවත්, සභාපතිවරයාගේ ආවරණ අනුමැතියකට යටත්ව එම කටයුතු සිදු කළ බවත් ඔහු සඳහන් කළේය. ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පැවසුවේ පවතින විශේෂ තත්ත්වය යටතේ මෙසේ කළද, ලබන සතියේ අනිවාර්යයෙන්ම ටෙන්ඩර් කමිටු රැස් කර, මෙම භාණ්ඩ තොගයට අවශ්‍ය අනුමැතිය ලබාගන්නා බවයි. එහෙත් ඒ වන විට භාණ්ඩ මිලදී ගෙන අවසන් තත්ත්වයක් යටතේ ටෙන්ඩර් කමිටුවට කළ හැක්කේ කුමක්දැයි විමසීමේදී මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කළේ එම තීරණ ආපසු හැරවීමේ හැකියාව පවතින බවයි. කෙසේ වෙතත් අදාළ ලියකියවිලිවලට තමන්ගේ අත්සන ද අනිවාරයෙන්ම යෙදිය යුතු බවත්, ටෙන්ඩර් කමිටු කටයුතු අවසාන වන තෙක් තමන්ගේ අත්සන ඒවාට යොදන්නේ නැති බවත් පැවසූ ඔහු, සේවකයන්ගේ සුබසාධනය සඳහා කටයුතු කිරීම වරදක්දැයි ප්‍රශ්න කළේය. මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී කිසිදු වංචාවක් සිදු වී නැති බවට සහතිකයක් ලබාදිය හැකිදැයි ඔහුගෙන් විමසූ විට, ඔහු සඳහන් කළේ පවතින තත්ත්වය යටතේ ඇතැම් අඩුපාඩු තිබිය හැකි බවයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 29,249 ක සේවක පිරිසක් සිටින අතර, ඒ අතරින් 18,000 කට ආසන්න පිරිසක් බස් රථ රියැදුරන් සහ කේනදොස්තරවරුන් ලෙස සේවය කරති. මණ්ඩලය යටතේ රට පුරා බස් ඩිපෝ 107 ක් සහ උප ඩිපෝ 16 ක් ක්‍රියාත්මක ය.
පසුගිය මාසයකට අධික කාලයක් තිස්සේ බස් රථ විධිමත්ව ධාවනය නොවීම නිසා මණ්ඩලයට ආදායම් අහිමිවීමෙන්, සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම පවා බරපතළ අර්බුදයක ඇති බව විෂය භාර ඇමැති මහින්ද අමරවීර විසින් පවසා තිබිණි. එසේම රටේ ආර්ථිකය බරපතළ අවදානමක පවතින නිසා තමන්ගේ මැයි මාසයේ වැටුප හෝ එයින් කොටසක් රජයට ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ලිපියක් මගින් සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා තිබිණි. එසේ තිබියදී මෙසේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ තොගයක් හදිසියේ මිලදීගැනීම බරපතළ ගැටළුවක් බව මණ්ඩලයේ සේවකයෝ අවධාරණය කරති.
-lankatruth

COMMENTS