කටුගස්තොට පදිංචි 29 වියැති තරුණියකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවී ඇයව පැහැරගෙන යාම සම්බන්ධව චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගත් මහනුවර ප්‍රදේශය...
කටුගස්තොට පදිංචි 29 වියැති තරුණියකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවී ඇයව පැහැරගෙන යාම
සම්බන්ධව චෝදනා ලැබ සැකපිට අත්අඩංගුවට ගත් මහනුවර ප්‍රදේශයේ ජනප්‍රිය ක්‍රිකට් පුහුණුකරුවෙකු සහ ඔහුගේ පුත්‍රයා නොවැම්බර් 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ සම්බන්ධයෙන් නඩු අංක B 61532/21 යටතේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 28 සිට නොවැම්බර් 02 දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර යළි පසුගිය 02දා පැමිණිළිකාර තරුණියගේ නීතීඥවරුන් අධිකරණය හමුවේ වැඩි දුරටත් කරුණු දැක්වීමෙන් පසුව, පිය පුතු විත්තිකරුවන් දෙදෙනා නැවත නොවැම්බර් 09 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
මෙම පැහැරගැනීම සම්බන්ධව 2021.10.24 දාම කටුගස්තොට පොලීස් ස්ථානය වෙත පැමිණිළි කලද නිසි විමර්ශන සිදු නොකිරීමේ ප්‍රථිඵලයක් ලෙස මෙම තරුණියව නැවතත් විත්තිකරුවන් වෙතම භාර දීමට කටුගස්තොට ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබිණ.
පසුව මේ සම්බන්ධව වින්දිත කාන්තාවගේ පාර්ශවයෙන් මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත පැමිණිළි කර ඇති අතර ඔහු විසින් සිදු කරන ලද ස්වාධීන විමර්ශනයේ ප්‍රථිඵලයක් ලෙස මෙම තරුණියව නැවත 2021.10.27 දින කටුගස්තොට පොලීස් ස්ථානය වෙත කැඳවා (සිදුවීමෙන් දින තුනකට පසුව) ඇයව රෝහල් ගත කර තිබේ.
තවද කටුගස්තොට පොලිස් ස්ථානය විසින් මෙම පැහැර ගැනීමට අදාල සිසිටීවි වීඩියෝ සාක්ෂි, වින්දිත තරුණියට අයත් මෙම පියා සහ පුතු විසින් පුළුස්සා දමන ලද මෙම තරුණියගේ ජංගම දුරකථනයේ ශේෂ කොටස් හා පැහැර ගැනීමට භාවිතා කළ කාර් රථය අත් අඩංගුවට ගෙන තිබිණ.
මීට පෙරද මෙම විත්ති කරුවන් විසින් වෙනත් කාන්තාවකට මෙවැනිම ආකාරයෙන් තද බල ලෙස හිංසා පීඩා කර ඇති බවද වාර්තා වී ඇති අතර ඔවුන් දෙදෙනාම බයිපෝලා (Bi Polar ) නමැති මානසික තත්වයෙන් පෙලෙන බව සැකකරුවන්ගේ නීතිඥයින් අධිකරණය හමුවේදී පිළිගෙන තිබේ.
මෙම කාන්තා අපයෝජනය වාර්තාවීමත් සමග වින්ඳිත කාන්තාවට යුක්තිය ඉටුකරදීමට මැදිහත්ව ඇත්තේ, 'එක්සත් මානව හිමිකම් සංවිධානය' (United Human Rights Organization) යි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින ක්‍රිකට් පුහුණුකරු, හිටපු ක්‍රිකට් ප්‍රවීනයින් වන කුමාර සංගක්කාරගේ හා මුත්තයියා මුරලිදරන්ගේ ක්‍රිකට් පුහුණුකරු තමන් යැයි පවසමින් සිද්ධිය යට ගැසීම සඳහා පොලිසියට බලපෑම් කර තිබු බව 'එක්සත් මානව හිමිකම් සංවිධානය' පවසයි.
COMMENTS