දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සා.පෙළට සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය
Homeප්‍රවෘත්ති

සා.පෙළට සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය

PropellerAds

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනම් ...

"කියවලා බලලා නෙවෙයි විසදුමක් දෙන්න" - ඇමති නවින්ට ජනතාවගෙන් දැඩි විරෝධයක් (VIDEO)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
"වැටුප් වරප්‍රසාද ගත්තේ නෑ" - ජනපති කොමිසමට ගිය ගෝඨා කියයි
සා.පෙළට සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනම් සම ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද පැවසීය.
 
ඇමැතිවරයා ඒ බව පැවසුවේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 
 
ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් සියයට 75ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, මුළු ජනගහනයෙන් 72.5%ක් එළවළු හා පළතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොගන්නා බවත්, කාන්තාවන්ගෙන් 44%ක් පමණ ප්‍රමාණවත් පරිදි කායික ව්‍යායාමයන්හි නොයෙදන බවත් අමාත්‍යවරයා කීවේය. මෙම තත්ත්වය මඟහරවා ගැනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රාවක් ගත කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ මහනා දැනුමක් තිබීම අවශ්‍ය බව ද, වර්තමාන පාසල් විෂය නිර්දේශය තුළ හය වසරේ සිට නවය වසර දක්වා පමණක් සෞඛ්‍ය විෂ්‍ය අනිවාර්ය වුවද අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සෞඛ්‍ය අනිවාර්ය නොවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස 'සෞඛ්‍ය විෂය' හඳුන්වා දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  මහතා  මෙම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.  
 
 2023 වසරේදී සිදු කිරීමට නියමිත මීළඟ පාසල් විෂයමාලා සංශෝධනයේදී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය දක්වා 'සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය' යන විෂය අනිවාර්ය විෂයක් ලෙස පාසල් තුළ ඉගැන්විය යුතු බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති යෝජනාවද සැලකිල්ලට ගනිමින්, පාසල් විෂයමාලා සංශෝධනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලධාරිත්වය දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සා.පෙළට සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය
සා.පෙළට සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය
http://am.lk/media/k2/items/cache/c541943adb7cc0b44c99ba969ea9d600_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy