දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩොලර් නෑ.. රුපියලුත් නෑ.. තියෙනවා කියා පුරසාරම් එපා.. මේක කොරෝනා නිසා නොවේ..
Homeප්‍රවෘත්ති

ඩොලර් නෑ.. රුපියලුත් නෑ.. තියෙනවා කියා පුරසාරම් එපා.. මේක කොරෝනා නිසා නොවේ..

PropellerAds

ණය බර පිලිබද අර්බුදයට 1955 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බවත් එම ආණ්ඩු කොළ පාටද, නිල් පාට ද, රතු පාට ද වශයෙන් නොව සියලු දෙනාම අඩු වැඩ...

පොලිස් මාධ්‍ය සාකච්ඡාව හදිසියේම අවලංගු කරයි
විග්නේශ්වරන්ගේ නව පක්ෂයට තව ප්‍රභල පක්ෂ දෙකක සහය
"හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ" - රවී
ණය බර පිලිබද අර්බුදයට 1955 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතු බවත් එම ආණ්ඩු කොළ පාටද, නිල් පාට ද, රතු පාට ද වශයෙන් නොව සියලු දෙනාම අඩු වැඩි වශයෙන් මේ අර්බුදයට දායක වී ඇති බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ 20 දින පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදය හා එක් වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වී්‍ය

පැස්බරා මෙන් සිටිමුද ?

අද අපි ඉන්නේ ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත අර්බුදයක. ආර්ථික අර්බුදය, විදේශීය විනිමය අර්බුදය, උද්ධමනය, විරැකියාව, ගෙවුම් ශේෂ හිඟය, අයවැය හිඟය මේ වගේ බරපතළ වචන වලින් කතා කළේ නැති වුණාට ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැති වුණාට දුප්පත්ම දුප්පත් පුද්ගලයාටත් මේ අර්බුදය ඇඟට දැනෙනවා. කුලියක් සොයාගන්න දවස පුරාම කම්මලක් කම්මලක් ගානේ ඇවිදලා, වත්තක් වත්තක් ගානේ ඇවිදලා රුපියල් සියයක්වත් හොයාගන්න බැරි වෙලා ඇඟ දාඩියෙන් තෙමිලා කකුල් කඩිත්තුව හැදිලා ගෙදර බඩගින්නෙ ඉන්න පුංචි දරුවෝ සිහිපත් කරමින් පපුව පිච්චි පිච්චි ගෙදර යන තාත්තා කෙනෙකුට මේ අර්බුදය ඇඟට දැනෙනවා. මල්ලක් අරගෙන කඩේට,පොළට ගිහිල්ලා බඩු මිල දැකලා අල්ලට බඩු අරගෙන එන්න සිද්ධ වෙන අම්මා කෙනෙකුට මේ අර්බුදය ඇඟට දැනෙනවා.

ඒ නිසා මේ අර්බුදය අපේ හැමෝගෙම ඇඟට දැනෙමින් තියෙන්නෙ .මේ අර්බුදය විසඳා ගැනීමේ පළමු පියවර වන්නේ අපි මුහුණ දෙමින් සිටින්නේ දැවැන්ත අර්බුදයකට බව පිළිගැනීමයි. පළමු කොන්දේසිය අපි අර්බුදයක සිටින බව පිළිගැනීමයි .දුකත් තියෙන බව පිළිගන්නේ නැත්නම් දුකෙන් මිදීමේ මාර්ගය සෙවීම එතන සිද්ධ වෙන්නෙ නෑ.පැස්බරා වැල්ලේ ඔලුව ගහගෙන ඕන් දැන් මම හැංඟුනා කියලා හිතනවා වගේ, ඩොලර් අර්බුධයක් නෑ මුදල් අර්බුධයක් නෑ අපිට හොඳට සල්ලි තියෙනවා කියන මානසිකත්වයෙන් අපි හිටියොත් අපිට මේ අර්බුදයෙන් කවදාවත් ගොඩයන්න හම්බ වෙන්නේ නෑ. ඒ නිසා තමයි මම ජූනි මාසයේ අපේ රටත් ආර්ථික අර්බුදයක ඉන්නේ,දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් පාමුල ඉන්නේ කියන කාරණය මේ රටට ප්‍රකාශ කළේ.

ආණ්ඩුවට රුපියල් නෑ රටට ඩොලර් නෑ

මොකක්ද මේ අර්බුදය ? බරපතළ ආර්ථික න්‍යායන් පැත්තකට දාලා ඉතාම සරලව අපි මේ ප්‍රශ්නය තේරුම්ගන්න උත්සාහ කළොත්.අද තියෙන ප්‍රශ්නය තමයි ආණ්ඩුවට රුපියල් නෑ රටට ඩොලර් නෑ.කොහොමද මේ ප්‍රශ්නය ඇති උනේ. ගරු සභාපතිතුමනි අපි හරිම ජේත්තුකාර ජාතියක්. ආදායමට වඩා වියදම් කරන්න කැමති ජාතියක් .අපි 1955 සිටම ඉදිරිපත් කළේ හිඟ අයවැය.අයට වඩා වැය තියෙන අය වැය.අයවැය පියව ගන්න අපි රුපියල් වලින් ණය ගත්තා. එහෙනම් මේ ණය බර පිලිබද අර්බුදයට,අයවැය හිඟය පිළිබඳ අර්බුදයට, ආණ්ඩුවට රුපියල් නැති විම පිලිබද අර්බුදයට 1955 සිට පැවති සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි .ඒ ආණ්ඩුව කොළ පාටද නිල් පාට ද රතු පාට ද කහ පාට ද දම් පාටද ගුරු පාට ද කියන එක අදාල නෑ මේ සියලු දෙනා මේ අර්බුදයට අඩු වැඩි වශයෙන් දායක වෙලා තියෙනවා.

ගරු සභාපතිතුමනි අපි ආදායමට වඩා වියදම් කරනවා කියන්නෙත් ණය අරගෙන වියදම් කරනවා කියන්නෙත් අනාගත ආදායම දැන් වියදම් කරනවා කියන එකයි. අනාගත පරම්පරාව උගසට තබා අපට අයිති නැති ජීවන මට්ටමක් අපි විසින් භුක්ති විදිමින් සිටිනවා කියන එකයි. ඒ වගේම 1955 සිට අපි දැක්කා අපි රුපියල් ණය ගත්තා.1978 සිට මොකද කළේ බරපතළ ලෙස ඩොලර් ණය ගන්න ගත්තා. මේ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ධුර කාලය ගැන හිතලා වැඩ කළා මිසක් අනාගතය ගැන හිතුවේ නෑ. කියමනක් තියෙනවා ගරු සභාපතිතුමනි දේශපාලනඥයා ඊළඟ මැතිවරණය ඉලක්ක කර ගෙන තීන්දු ගන්නා අතර රාජ්‍ය තාන්ත්‍රිකයා ඊළඟ පරම්පරාව ගැන සිතා තීන්දු ගනී කියලා.එහෙම බලද්දී අපේ රටේ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉඳලා තියෙන්නේ ඉතාම අතලොස්සක් කියන එක ඉතාම කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න ඕනේ.

ගරු මූලාසනාරූඪ නියෝජ්‍ය සභාපතිතුමනි අපි පෙබරවාරි 4 වෙනිදා ජාතික නිදහස් දිනය සමරන්නේ චීනෙන් ගෙනාපු ජාතික කොඩිය වනලා. අර නන්දා මාලනිය වරක් පැවසුවා වගේ කොඩිය චීනාගේ ඒත් කොඩි ගහ අපගේ කියලා තමයි අපට උදම් අනන්න සිද්ධවෙන්නේ. අපි පුංචි කාලේ බට පතුරු කපලා වෙසක් කූඩු හදන්න වෙසක් උදාවෙන තුරු ඇඟිලි ගනිමින් හිටියේ. අද වෙසක් සමරන්න අපිට වෙසක් කූඩුවත් එන්නෙ පිටරටින් .ඒ නිසා විදේශ විනමය අර්බුදයක් ඇති වීම පුදුමයක් නෙමෙයි. විදේශ විනිමය අර්බුදයක් ඇති නොවුණා නම් තමයි පුදුමෙ. අපේ රටේ කර්මාන්ත ශාලා විනාශ කරගෙන රටේ කර්මාන්ත කර්මාන්තකරුවන්ට අත දෙන ප්‍රතිපත්තියක් පවත්ව ගන්නේ නැතුව සිරිලක දේ සිරි සැප දේ කියනවා වෙනුවට පිටරට දේ සිරි සැප දේ කියලා දීර්ඝ කාලයක් ගායනා කිරීමේ ආනිසංස තමයි අද අපි මේ භුක්ති විඳිමින් තිබෙන්නේ.

මේ අර්බුදය කෝවිඩ් නිසා ද ?

මේ අර්බුදය කෝවිඩ් නිසා ඇති වූ අර්බුදයක් නෙමෙයි .1955 සිටම මෝරපු අර්බුදයක්.1978 සිට ත්‍රීව්‍ර්ර වුනු අර්බුදයක්.ඇත්තෙන්ම 2019 වන විට ආර්ථික වර්ධන වේගය 2%ට වැටිලා,ණය අනුපාතය 87% නැගලා. පෙන්නුම් කළේ මේ අර්බුදයේ රෝග ලක්ෂණ. උණ හැදෙනකොට දැනෙන්න ඕනේ ආ ලෙඩක් හැදෙන්න එනවා තමයි කියලා. මේ බෝම්බය කොහොමත් පුපුරන්න තිබ්බ බෝම්බයක්.කෝවිඩ් නිසා ටිකක් ඉක්මනට පුපුරලා ගියා. අවාසනාවට ආර්ථික අර්බුදය පුපුරා හැලෙන විට බලයේ සිටි අපේ ආණ්ඩුවක්. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කළා නම් මේ අර්බුදය මතු වෙන්නෙ නැද්ද ? 2019 වසරෙ ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය ඩොලර් බිලියන 8 ක්. ණය ගෙවන්න තිබුණු ණය වාරික සහ පොලී ටිකත් එකතු කළාම ඩොලර් බිලියන 13ක්. මේ ඩොලර් බිලියන 13 පරතරය පියව ගත්තෙ සංචාරක ව්‍යාපාරයෙන් විදේශ ගත ශ්‍රමිකයන් එවන ඩොලර්වලින් ආයෝජකයො මේ රටට ගෙනාපු ඩොලර් වලින් ඉතුරු ටික ණයට අරගෙන. දැන් කොවිඩ් වසංගතය ආවහම 2020 – 2021 වර්ෂ වලදී මේ ආදායම් මාර්ග අපට අහිමි වුණා .දැන් සජිත් මැතිතුමා ජයග්‍රහණය කළා නම් කොවිඩ් වසංගතය එන්නේ නැද්ද ?සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙන්නේ නැද්ද ?විදේශ ගත ශ්‍රමිකයන්ට රැකියා අහිමි වීම,වසරකට එක්ලක්ෂ අසූ දාහක් විදේශ ගත වෙන රැකියා ලාබීන්ගෙ රැකියා අවස්ථා අහිමි වීම සිද්ධ වෙන්නෙ නැද්ද? මේ ලෝක අර්බුදය මගහරින්න ඔබට පුළුවන්ද? කවුරු බලයේ හිටියත් මේ අර්බුදයට මුහුණ දෙන්න ඕනේ කියන එක අපි පිළිගන්න ඕනේ.

මේ විනාශ වෙන්නේ පොහොට්ටු සන්ධානයේ රට ද?

ජාතක කතා පොත නම් අපිට කියන්නේ අර්බුදයක් ඇති වුණාම සමගි වෙලා වටු කුරුළු රෑන දැල ඔසවාගෙන පියඹා ගිය අයුරින් තමයි අපි මෙවැනි අර්බුදයන්ට මුහුණ දෙන්න ඕනේ කියලා .නමුත් අපි එහෙමද? අපි ජාති වලට බෙදිලා ආගම් වලට බෙදිලා පක්ෂ වලට බෙදිලා ඒ මදිවට පක්ෂ ඇතුළෙත් පුංචි පුංචි කල්ලි වලටත් බෙදිලා. අපි කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මෙහෙම බෙදිලා ප්‍රශ්නයට උත්තරය හොයනවා වෙනුවට එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා. What we are doing is the blame game, blaming each other. That is what we have been doing since the Independence. Honorable minister of Sports is not here but I would like to propose the blame game as our national sport. Because it’s an inseparable part of our culture.

ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ විනාශ වෙන්නේ අපේ රට. මේ විනාශ වෙන්නේ පොහොට්ටු සන්ධානයේ රට නෙමෙයි. සජබ, ජවිපෙ, දෙමළ ජාතික සන්ධානේ මේ අපි හැමෝගෙම රට.ඒ නිසා උන්ගේ රට විනාස වෙනවා ඔන්න ඔහෙ විනාශ වුන දෙන් ඒකට අපිත් පෝර ටිකක් දානවා කියලා අපි කාටවක්කත් බලාගෙන ඉන්න බෑ. මේ රට විනාශ වුනොත් අපි ඔක්කොම විනාශ වෙනවා.වසංගතය තුළ තමන්ගේ දේශපාලනයක් කරලා තමන්ගේ ගොඩ වැඩි කර ගන්නෙ කොහොමද කියන එක වෙනුවට අපි ඔක්කොම එකට එකතු වෙලා ලංකාව වසංගතයෙන් ගොඩ දමන්නේ කොහොමද කියන එකයි මේ මොහොතේ රටට ආදරය කරන දේශපාලකයාගේ වගකීම වෙන්නේ .අද ලෝකය පුරාම සිදු වෙන්නේ විපක්ෂය ආණ්ඩුවත් එක්ක එකතු වෙලා කොරෝනා පරාජය කිරීම මිස කොරෝනත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පරාජය කිරීම නොවන බව අපි සිහිපත් කරන්න ඕනේ.

අවාසනාවට මෙම තීරණාත්මක අවස්ථාවේ අපේ රටේ විපක්ෂය තමන්ගේ වගකීම අමතක කරලා සෞඛ්‍ය මාර්ගෝපදේශ දූවිල්ලකට මායිම් නොකර වෙලක් වෙලක් ගානේ, පාරක් පාරක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ පවත්වමින් කොවිඩ් සිව්වන රැල්ල කරා රට ගෙන යමින් තියෙනවා.අපේ පුංචි දරු පැටව් වසර 2 ක් තමන්ගෙ නිවෙස් වල හිර වෙලා නිවාස අඩස්සියේ හිටියේ, යාන්තම් ගෙදරින් එලිය‍ට ඇවිල්ලා සම වයසෙ පාසල් මිතුරන් හඳුනගෙන ඔවුන් සෙල්ලම් කරන්න පටන් ගත්තා විතරයි. ඒ පුංචි දරුවන්ගේ හිතේ තියෙන සතුට, පුංචි දරුවන්ගේ මුවේ රැඳෙන සිනාව ඔවුන්ගෙන් උදුරගන්න ගන්න එපා කියන ආයාචනය මම හැමෝගෙන්ම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටින්න කැමතියි.

ජන මනස සමග සෙල්ලම් කරන විපක්ෂනායකතුමාගේ සහකාර ලේකම්

අපිට ඒ වගේම අපට සිහිපත් විය යුතුයි යුද්ධෙ උච්චතම අවස්ථාවේදී අපේ විපක්ෂය හැසිරුණු ආකාරය. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා, අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වා, තොප්පිගල කියන්නෙ නිකම්ම නිකන් කැලයක් කිව්වා. මොකද උනේ යුද්ධයෙන් පස්සේ පැවැත්වුණු 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුවට මන්ත්‍රීධූර 144ක් ලබාදීලා, එවකට දැවැන්තම මන්ත්‍රීධූර ගණන ලබාදීලා විපක්ෂයට පාඩමක් ඉගැන්නුවා.කොවිඩ් වසංගතය ආවා.ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මා .විපක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා උද්ඝෝෂණ කළා.උසාවියට ගියා, තමන්ගෙ මිත්‍ර ජාත්‍යන්තර රැළ පාවිච්චි කරලා ආණ්ඩුවට බලපෑම් කළා, ප්‍රතිඵලය? විපක්ෂය වගකීම් විරහිතව හැසිරුනාම රටේ ජනතාව ආණ්ඩුවට මන්ත්‍රීධුර 149ක් ලබාදීලා විපක්ෂයට පාඩමක් ඉගැන්නුවා.අද තත්වය එදාට වඩා දරුණුයි. ජනතාව අපි ගැන තීන්දු දෙන්නේ මේ අර්බුදයේ දී අපි කෙතරම් වගකීම් සහගතව හැසිරෙනවාද කියන එකයි.

මං මේ පූර්විකාව කිව්වේ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක සේවය කරලා විශ්‍රාම ගත් අට සමත් සේවකයෙකු විපක්ෂ නායකතුමාගේ සහකාර ලේකම්වරයෙක් වෙලා විපක්ෂ නායක කාර්යාලයේ ඉදන් මාධ්‍ය හමු පවත්වමින් රටේ තෙල් හිඟයක් හා ඉන්ධන අර්බුදය පිලිබද තමන්ට නොතේරෙන විෂයක් පිළිබඳ කතා කරමින් මේ රට නොමඟ යවමින් රට අර්බුදයකට තල්ලු කරමින් ඉන්නවා.වසංගතයෙන් ආර්ථික අර්බුදයෙන් ඉච්චා භංගත්වයට පත් වුණු අවිශ්වාසයෙන් පෙළෙන ජන මනස සමග සෙල්ලම් කරමින් මේ වසංගතය මැද අයහපත් කාලගුණය මැද ජනතාව ඉන්ධන පිරවුම්හල් වල පෝලිම් වල ගාල් කරමින් සිටිනවා.

ඉන්ධන හිඟයක් පිළිබඳ බොරුව පවසලා මේ පුද්ගලයා වරක් දෙවරක් නෙවෙයි සිව් වරක් මේ රටේ ජනතාව ඉන්ධන පිරවුම්හල් ඉදිරියේ පෝලිම් ගැස්සුවා.ගරු සභාපතිතුමනි මාධ්‍ය හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වු විට මාධ්‍ය ආයතනය ඒ සඳහා ඉඩක් වෙන් කරනවා. ඒ තමන්ට වෙන් වුණු ඉඩ අවභාවිතා කරමින් මේ පුද්ගලයා බොරු බේගල් ඇදබානවා.තමන් විශ්වාස කරන මාධ්‍ය නාලිකාවේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා කියන ප්‍රචාරය ගියාහම රටේම ජනතාව යනවා ඉන්ධන හල් වලට. රටේම ජනතාව එකවර ඉන්ධන හල් වලට ගියාම එතන දිගු පෝලිමක් ඇතිවෙනවා තමයි.සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම් හලක තෙල් තියෙන්නෙ දවස් දෙක තුනකට සෑහෙන්න .මුළු රටම එක දවසෙ ඇවිත් ටැංකිය පිරෙන්නම තෙල් ගහ ගත්තහම ඒ ඉන්ධන හලේ තෙල් හිඟයක් ඇතිවෙනවා .සමස්ත රටේම ඉන්ධන පිරවුම්හල් වල තෙල් එක දවසේ අවසන් උනහම අපේ යටිතල පහසුකම් තියෙන්නේ දවස් හයක් පුරා රටේ තෙල් බෙදන්න .ඒක එක දවසෙ තෙල් හිඟයක් ඇති උනහම නැවත යතා තත්ත්වයට ගේන්න අපට දවස් තුන හතරක් ගතවෙනවා. ඇත්තටම මේ ඉන්ධන හිඟය පිළිබඳව බොරු ප්‍රචාරය කළේ නැත්නම් එවැනි තාවකාලික හිඟයක්වත් ඇති වෙන්නේ නෑ.

මා දැන් ඔබට ඇත්ත කතන්දරය කියන්නම්.සැබෑ තෙල් හිඟයක් ඇති වෙනවා නම් හිඟය ඇති වෙන්නේ ඉන්ධන පිරවුම්හල් වල නෙවෙයි තෙල් ගබඩා වලයි.තෙල් ගබඩා වලට ඉන්ධන පටව ගන්න යන බවුසර් වලට තෙල් නෑ කියලා හරවලා එවනවා නම් අන්න ඇත්තටම තෙල් හිඟයක්. එවැනි තෙල් හිඟයක් ඇති උනෙත් නෑ ඒ වගේම මේ ගෞරවනීය පාර්ලිමේන්තුවටත් සමස්ත ජාතියටත් මේ රටේ ඉන්ධනය හිඟයක් නැති බවටත්, ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ සැපයුම් දාම බිඳවැටීම නිසා ඉන්ධන අර්බුදයකට බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින මොහොතේ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ බලශක්ති සැපයුම්ක් අපි සහතික කරලා තිබෙන බව ඉතාම විශ්වාසයෙන් මේ රටටත් ගෞරවයේ පාර්ලිමේන්තුවටත් දැනුම් දෙන්න කැමතියි.

ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මෙම පුද්ගලයා හතර වතාවක්ම ඉන්ධන හිඟයක් ගැන බොරු කිව්වනේ.ඒ බොරු ටික ඉන්ධන හිඟයෙන් නතර වුණේ නෑ.2021 මැයි මාසෙ කිව්වා තෙල් සංස්ථා කොවිඩ් පොකුරක් ඇති වෙනවා කියලා, තෙල් පොකුර කියලා කිව්වා.එහෙම එකක් ඇති උනාද? ඇති වුණේ නෑ.ඊළඟට මම ගිය මාසයේ රටේ තෙල් ගවේෂණයට අධිකාරියක් පිහිටුවන්න පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළාම මේ පුද්ගලයා මාධ්‍ය හමුවක් තියලා කියනවා ඔන්න තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවා කියලා.මා මිත්‍ර කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා තෙල් සංස්ථාව පෞද්ගලිකරණය නොකළ යුත්තේ ඇයි කියලා කතාව කරේ.මම මන්ත්‍රීතුමාට කිව්වා මන්ත්‍රීතුමනි මේ පනතින් එහෙම දෙයක් වෙන්නෙ නෑ. තෙල් සංස්ථාව කියන වචන දෙකවත් මේ පනතේ කොතනකවත් සඳහන් වෙන්නේ නෑ කියලා. දැන් ඔය ටීවී වල එතකොට කිව්වේ කියලා මන්ත්‍රිතුමා මගෙන් ප්‍රශ්න කරනවා . විපක්ෂයේම මන්ත්‍රීවරුන් රැවටෙන ආකාරයට මේ බොරුව අරගෙන ගියා .ඒ වගේම කිව්වා ඉන්දියානු විදේශ ලේකම්වරයා ලංකාවට ආවහම ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාවට විකිණීමට මාත් සමඟ ගිවිසුමක් අත්සන් කරන්නයි ලංකාවට ආවෙ කියලා. ඔවුන්ට අමතක උනා 2003 පෙබරවාරි 07 තෙල් ටැංකි 99 ම වසර තිස් පහකට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉන්දියාවට දුන්නා කියලා.එහෙම වුණේ නෑ වෙන ගිවිසුමක් තියෙනවා කියලා දුන්නෙ ටැංකි 14යි කියලා කබීර් හෂීම් මන්ත්‍රීතුමා කිව්වා.මම එතුමාට ආරාධනා කළා ඒ ටැංකි 14 දුන්නු ගිවිසුම සභාගත කරන්න ටැංකි 99 දුන්නු ඔබේ ගිවිසුම මම අද සභාගත කරනවා කියලා මම සභාගත කළා.කබීර් හෂීම් මන්ත්‍රීතුමා ගියා ගියාමයි තාම ඒ ගිවිසුම අරගෙන ආවෙ නෑ .ගෙනාවෙත් නෑ ගේන්නත් බෑ. ඇයි? එහෙම ගිවිසුමක් අත්සන් කරලා නැති නිසා.

‍ඊළඟට විපක්ෂ නායකතුමා මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. මා බොහෝ කාලයක් තිස්සේ දන්න කෙනෙක්. එතුමා මා නැති අතරේ අගමැතිතුමාගෙන් අහලා තියෙනවා ප්‍රශ්නයක් පිරිපහදුව වැහුවේ හදිස්සි මිලදී ගැනීම් වලින් කොමිස් ගහන්න කියලා.ගරු විපක්ෂ නායකතුමාට මම මාධ්‍ය හමුවකදී කිව්වා මේ මිලදී ගැනීම් වලින් කවුරු හරි කොමිස් ගහනවා නම් වහාම හෙළි කරන්න .රටේ විපක්ෂනායකවරයා කියන්නේ සාක්ෂි ඇතුව වගකීමක් ඇතිවනේ. ඒක නිසා මම එතුමාගෙන් ඉල්ලීමක් කළා වහාම ඒ නිලධාරීන්ගේ නම් හෙළි කරන්න. ඒ නිලධාරීන් කවුරු හරි කොමිස් ගහලා තියෙනවා නම් ඔවුන්ට දඬුවම් කරන්න අපි සූදානම් කියලා .ඒ වගේම මම කිව්වා කොමිස් ගහලා නම් මේ තෙල් ගන්නේ අනිවාර්යෙන් ඒ මිල වැඩියි ඇයි කොමිස් එක එකතුවෙලා තියෙනවනේ.ඒ නිසා මම විපක්ෂ නායකතුමාට ආරාධනා කළා අපි මිලදී ගන්න මිලට වඩා අඩු මිලකට තෙල් සංස්ථාවට තෙල් සපයන්න කවුරු හරි අරගෙන එන්න ඒ පුද්ගලයාගෙන් තෙල් මිලදී ගන්න අපි සූදානම් කියලා.තවම නම් ගෙනාවෙ නෑ .ඒ නිසා මේ අර්බුදය ජාතික අර්බුදයක්.ආණ්ඩුවේ අර්බුදයක් නෙවෙයි. ඒ නිසා අපි සමස්ත ජාතියක් විදිහට මේ අර්බුදයෙන් ගොඩ යන්න එකට කටයුතු කරමුයි කියලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරමින් මං නිහඬ වෙනවා.

–  media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩොලර් නෑ.. රුපියලුත් නෑ.. තියෙනවා කියා පුරසාරම් එපා.. මේක කොරෝනා නිසා නොවේ..
ඩොලර් නෑ.. රුපියලුත් නෑ.. තියෙනවා කියා පුරසාරම් එපා.. මේක කොරෝනා නිසා නොවේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGJRT1tdJxLHoIpzsijJisXh7Z0KTD9IqzokRDCdHcsRi_Qj50p8Mb9q2c01J8PE3nhganCR2AdaWK8zfEyDUxYjrwNg7mhfpi3czoZLScj4WGnbRgQhgt9hKIYFwwQ_zFyPWbx8mM8NBr/s320/gamman.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGJRT1tdJxLHoIpzsijJisXh7Z0KTD9IqzokRDCdHcsRi_Qj50p8Mb9q2c01J8PE3nhganCR2AdaWK8zfEyDUxYjrwNg7mhfpi3czoZLScj4WGnbRgQhgt9hKIYFwwQ_zFyPWbx8mM8NBr/s72-c/gamman.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_343.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_343.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy