දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ" - රවී
Homeප්‍රවෘත්ති

"හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ" - රවී

PropellerAds

"අපේ සමාජයේ යම් යම් පිරිස් සිටිනවා වංචාවට,  දූෂණයට එරෙහිව කටයුතු කරන. ඒ පිරිසගේ දක්ෂතාව පාවිච්චි කරලා, මේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාප...

මාස 4‌ට ගෙනා අයවැයෙන් රනිල්ට රුපියල් එක් දහස් තුන්සිය හතළිස් හතර කෝටි පනස් එක් ලක්ෂයක් වෙන් කරලා!
ඉන්දියාව කෝප ගන්වමින් පකිස්තාන මිසයිල නෞකාවක් ලංකාවට! ඇමරිකා හමුදා නැවක් ඉන්දියාවට!
ජනාධිපති මැදුරට පැන්න කෝටිපති ව්‍යාපාරිකයා රටින් පනී!
"අපේ සමාජයේ යම් යම් පිරිස් සිටිනවා වංචාවට,  දූෂණයට එරෙහිව කටයුතු කරන. ඒ පිරිසගේ දක්ෂතාව පාවිච්චි කරලා, මේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ තඹ සතේකවත් දූෂණයක් වංචාවක් තියෙනවාද, වෙනවද කියලා බලන්න මම හිතුවා. ඒ වෙනුවෙන් ගරුතර උලපනේ ස්වාමීන් වහන්සේ, රංජිත් විතානගේ, නිහාල් කිරිඇල්ල, නීතීඥ ප්‍රදීප් පෙරේරා, විමුක්ති දුෂාන්ත වගේ පිරිස් සහභාගි කරගන්න මට ඕන වුණා. ඒ අයට අඩුගානේ මාසයකට සැරයක් මේ අමාත්‍යාංශයේ කටයුතු සොයා බලලා, ප්‍රශ්න කරලා වංචා දූෂණ ඇත්නම් ඒ ගැන කතා කරන්න අවස්ථාවක් ලබාදෙන්න මට ඕනවුණා. මා විශ්වාස කරනවා මීට පෙර කිසිදු අමාත්‍යාංශයක මෙවන් තීරණයක් ගෙන නැහැ. අමාත්‍යාංශයේ මූල්‍යමය කටයුතු විනිවිදභාවයට පත්වනවාසේම, බොරු, අසත්‍ය අවලාද චෝදනා වළක්වා ගන්නත් මේ ක්‍රමය ඉතා සාර්ථක ක්‍රමයක් වේවි. ඒ වගේම මෙම ආරම්භක ව්‍යායාමය අනෙකුත් අමාත්‍යාංශ මගින්ද අනුගමනය කරනු ඇතැයිද ඒ තුළින් වංචා දූෂණ තුරන් කරල රටට ඵලදායි සේවාවක් ඉටුකිරීමටද හැකිවනු ඇතැයිද මාගේ විශ්වාසයයි. හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
 
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ හෝ ඊට අයත් ආයතනයන්හි සිදුවී ඇතැයි පවසන හෝ සැක කෙරෙන වංචා, දූෂණ හෝ අක්‍රමිකතා ඇත්නම්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමග ඒ පිළිබදව සාකච්ඡාකර එම අක්‍රමිකතා අවම කරගනිමින්, ක්‍රමිකව, ඉතා කාර්යක්ෂම අමාත්‍යාංශයක් බවට පත්කර, එමගින් රටට ජනතාවට ඵලදායි ලෙස කටයුතු කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ඊයේ (05) පස්වරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙහිදී අමාත්‍ය කරුණානායක මහතා 
වැඩිදුරටත් මෙසේ අදහස් දැක්විය.
 
"අපි නිදහස ලබාගෙන වසර 71. නමුත් අපිට සැබෑ ආර්ථික නිදහසක් ලැබිල තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. අපි සුද්දන්ගේ යටතේම හිටියනම් හොදයි කියන කට්ටියකුත් සිටිනවා. අපි දන්නවා වැඩ කරන කෙනාට තමයි මඩ ගහන්නේ. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය උපයෝගී කරගෙන වැඩකරන කෙනාට බාධාවක් නොවන ආකාරයේ කටයුත්තකට මුල පුරන්න තමයි මේ හදන්නේ. විදුලිය දුන්නත් වැරදියි. නොදුන්නත් වැරදියි. ලංකා විදුලිබල මණ්ඩලයේ දක්ෂ ඉංජිනේරු කන්ඩායමක් සිටිනවා. ඒ අයගෙන් තොරතුරු අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. බල්ලෝ බිරුවට කදු පෙරලෙන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමත්, අගමැතිතුමත්, මමත් ආණ්ඩුවක් වශයෙන් පොරොන්දු වෙලා තිබෙනවා කිසිම ආකාරයකින් විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියලා. ඒ වගේම අපි අනවශ්‍ය ලෙස බයක් ඇති කරන්නෙත් නැහැ. ඉතාම අපහසු තත්ත්වයකට පැමිණියොත් පමණක් හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදුකරන්න වෙනවා. ඒකත් අපි කරන්නේ නැහැ. විදුලිබල මණ්ඩලයටම ඒ දේවල් කරන්න බාර දෙනවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ  විදුලි ජනනය 100‍% කින් පමණ වැඩි කරන්නයි. ඒ සදහා ලංවිම ඉංජිනේරුවරුන් ඉදිරිපත් කරලා තිබෙන සැලැස්ම 99‍% ක්ම සාර්ථකයි. ඉදිරි දැක්මක් සහිතව, රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් හිතලා කටයුතු කරලා තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම මගිනුත් මෙය අනුමත වෙලා තිබෙනවා. රටක් හදන්න යනකොට බාධා ඇතිවීම විශේෂයි. ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න වලට මුහුණදීලා කටයුතු කළේ නැත්නම් කවදාවත් අපිට රටක් හදන්න බැහැ" 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ" - රවී
"හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් නෙමෙයි මට අවශ්‍ය වන්නේ" - රවී
http://am.lk/media/k2/items/cache/560d167c1bee38d2c3bf19f9d64eab10_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_448.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_448.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy