දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා - ජනාධිපති කියයි
Homeප්‍රවෘත්ති

රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා - ජනාධිපති කියයි

PropellerAds

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා...

මේ යන විදිහට රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහපාරේ අරගලයකට යන්න වේවි - පැෆරල් කියයි
මැදපෙරදිග ගෘහසේවයට ගිය ජාතික රිටි පැනීමේ ශූරිය සචිනි ඩුබායි පුවත්පතකට කතා කරයි! රට දාලා යන්න වෙච්ච හේතුව ලෝකයටම කියයි! ඩුබායි කොන්සල් ජෙනරාල් සචිනිව හොයාගෙන එයි!
විපක්ෂනායක සජිත් හෙළිකරපු මිනුවන්ගොඩ කප්පම් පාතාලය දැන් දංකොටුව දක්වාම ව්‍යාප්ත වෙලා! මෙන්න අලුත්ම හෙළිදරව්ව!
විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ. එහෙත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතී. එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකිය. ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන බරපතළ හානිය විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් අද (10) අරලිය ගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී තිබේ. එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු විය. එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතුය. වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් ජනතාව තෝරා පත් කරගනු ලැබීය. එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණකි. මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වර්තමාන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පැවසීය.

වර්තමාන ලෝකයේ සෑම ක්ෂේත්‍රයකටම විද්‍යාව හා තාක්ෂණය බලපායි. නව තාක්ෂණ දැනුමෙන් තොරව අනාගත දරු පරපුරට ලෝකය සමග ඉදිරියට යා නොහැකිය. එය හඳුනාගෙන නව තාක්ෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වර්ෂ 2001දී යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් 10 වැනි දින සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. ශ්‍රී ලංකාව 2004 වර්ෂයේ සිට සෑම වසරකදීම එම දිනය සමරයි. මෙවර විද්‍යා දිනය සැමරීමට සමගාමීව විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

“National Innovation Mission – හීන වලට පණ දෙන වර්තමානය” මැයෙන් මෙවර විද්‍යා දින සැමරුම සංවිධාන කර තිබිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ඉලක්ක කොට වත්මන් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා රට තුළ තාක්ෂණය හා නවෝත්පාදනයේ පිබිදීමක් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 වර්ෂයේ ගෝලීය නවෝත්පාදන දර්ශකයේ (Global Innovation Index) 101වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව රටවල් 132ක් අතරින් 2021 වන විට 95වන ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධාන කරන නව නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින්ට “දසිස් සම්මාන” පිරිනැමීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නිෂ්පාදිත “ඔක්සිජන් සාන්ද්‍රණ” යන්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීම සම්මාන ප්‍රදානයට සමගාමීව සිදු විය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව දිවයින පුරා පාසල් 1500ක නවෝත්පාදන විද්‍යාගාර පිහිටුවීමට සැලසුම් කර තිබේ. එය සංකේතවත් කරමින් පළාත් මට්ටමින් තෝරාගත් පාසල් නවයකට චෙක් පත් සහ පාසල් උපකරණ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

විද්‍යාව මත පදනම්ව නැඟී සිටින රටක් ලෙස විද්‍යාව සෑම පුරවැසියෙකුට අයිතියක් බවට පත්කළ යුතු බවත් එසේ නොවුනහොත් මිත්‍යාව රජ කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.

නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හා නව තාක්ෂණය යොදා ගැනීමෙන් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඇති හැකියාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේය. ඊ ග්‍රාමසේවා ක්‍රමය, ඩිජිටල් හැඳුනුම්පත වැනි රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීමේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය.

රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, තානාපතිවරු හා විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා - ජනාධිපති කියයි
රට නැවත වහන්න වෙනවා.. පාසැල් වහන්න වෙනවා - ජනාධිපති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh970nsR4_9eSUEFmM-uENJNJVBYIdPvmQnSTbDJXjLLHAhOiwDFtSQUVCV9itT-zEOCAyOb10DmYr-_YquYrZCI6nzjDj2UMXPr4OInRaCwJaX1lE-NeoBMYc2pr0J8-3j5uiCPWPGjyid/s320/gotabaya-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh970nsR4_9eSUEFmM-uENJNJVBYIdPvmQnSTbDJXjLLHAhOiwDFtSQUVCV9itT-zEOCAyOb10DmYr-_YquYrZCI6nzjDj2UMXPr4OInRaCwJaX1lE-NeoBMYc2pr0J8-3j5uiCPWPGjyid/s72-c/gotabaya-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_308.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_308.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy