දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මේ යන විදිහට රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  මහපාරේ අරගලයකට යන්න වේවි  - පැෆරල් කියයි
Homeප්‍රවෘත්ති

මේ යන විදිහට රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහපාරේ අරගලයකට යන්න වේවි - පැෆරල් කියයි

PropellerAds

මේ රටේ ඉතිහාසයේ පළමුවතාවට  ඕනැම මැතිවරණයක් පැවැත්වීමට තින්දු ගැනිමේ බලය  තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගතවෙමින් ඇතැයි ද මේ යන ආකාරයට මහපාරේ අර...

පිපිරීම් ගැන සොයා බැලීමට පත් කල ජනාධිපති කමිටුව මෙන්න
රටපුරා යලිත් ඇදිරි නීතිය පනවයි !
ශ්‍රී ලංකාවේ පිපිරීම්: පාතාලය හා හිටපු බුද්ධි අංශ සාමාජිකයින් ගැනත් සැකයක් !
මේ රටේ ඉතිහාසයේ පළමුවතාවට  ඕනැම මැතිවරණයක් පැවැත්වීමට තින්දු ගැනිමේ බලය  තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගතවෙමින් ඇතැයි ද මේ යන ආකාරයට මහපාරේ අරගලයකින් මෙපිට ජනතා අයිතීන් දිනා ගැනීමට නොහැකි තැනකට සමාජය පත්වනු ඇතැයි ද  පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක  රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ගාල්ලේ දී  ඊයේ  (22) පැවති මාධ්‍ය හමුවක් මතමින් විධායක අධ්‍යක්ෂවරයා  මේ බව සඳහන් කළේය.

හෙතෙම මෙසේද කිවේය.

“පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන්න පුළුවන්.  ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාගේ චක්‍ර ලේඛනයකින් මුදල් නිකුත් කිරීම නතර කරන්න පුළුවන්. මැතිවරණයක් මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන්න පුළුවන්. මුදල් ඇමතිවරයාට චක්‍ර ලේඛනයකින් මැතිවරණය  සඳහා මුදල් නිදහස් කිරිම නතර කරන්න පුළුවන්.

සියලුම මැතිවරණ මේ විදියට වෙන්න පුළුවන්. මේ රටේ සමස්ත  ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියාගේ ඡන්ද අයිතිය   මේ වනවිට රටේ විධායක ජනාධිපතිවරයා කියන තනිපුද්ගලයා  වටා කේන්ද්‍රගත වෙමින් වෙමින් තියෙනවා.
 
මේක ඉතා බරපතල හා කණගාටුදායක තත්වයක්. අපිට විශ්වාසයක් තියන්න බැහැ ජනාධිපතිවරණය පවා නියමිත කාලයට පවත්වාවි කියලා. පාර්ලිමේන්තුවත් නියමිත කාලයට පත්වාවි කියලා. අනාගතයේ දි පාර්ලිමේන්තුවට පනතක් ගෙනවිත් එම පනත අඩක්  ක්‍රියාත්මක කරලා  පළාත් සභාවට කරපු දෙම කරලා අත්හැර  දැමුවහොත්  මේ රටේ මැතිවරණ පවත්වන්න බැරිවේවි. මැතිවරණ කොමිසමට කිසිවක් කරන්න බැරිවේවි.

මේ රටේ ව්‍යවස්ථාදායකය දේශපාලන නායකයින්ගේ අවශ්‍යතාවය මත අවභාවිතා වෙමින් තියෙනවා. තමන්ගේ දේශපාලන බලව්‍යුහයට අනුව පාර්ලිමේන්තුව මෙහෙයවෙමින් තියෙනවා. එවැනි ආකාරයේ මැතිවරණ සංශෝධනයක් බාගෙට කරලා  අතරමං කළහොත්  මේ රටේ පුරවැසියන් වන අපිට මහපාරේ අරගලයෙන් මෙපිට කිසිවක් කිරීමට බැරිවෙනවා.

රජයට වාසිසහගත මැතිවරණය එනතෙක්  මැතිවරණ සිතියම හැකිලිමේ ක්‍රියාවලියක තමයි නිරතවෙලා ඉන්නේ.  මැතිවරණ සිතියම අනුව මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්විමේ වටපිටාවක් නැහැ. ස්වාධික කොමිසම් සභා නාමිකව පත්කරලා වැඩක් නැහැ. කොමිසම් සභාවට ස්වාධීනව ක්‍රියාත්මක කිරිමේ වටපිටාවක් නිර්මාණය  කරලා දෙන්න  පාලකයින් සමත්වෙලා නැහැ.

ව්‍යවස්ථාදායකය  සමත්වෙන්නේ නැහැ ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරිමට. මුල්‍ය ස්වාධීනත්වය  ලබාදෙන්නේ නැතිව කොමිසම් සභා සාර්ථකව  ක්‍රියාත්මක කිරිමට  හැකියාවක් නෑ

ලලිත් චාමින්ද


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මේ යන විදිහට රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහපාරේ අරගලයකට යන්න වේවි - පැෆරල් කියයි
මේ යන විදිහට රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහපාරේ අරගලයකට යන්න වේවි - පැෆරල් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMxuuLA6xfXxzUG7HliR2EAhDzSJYrlmIvtBk_8b3dsHgbHBQQ7UrKq4FA8aYgOga-nFKm5oXc5p10LAoXQGoM-xP7d8FVvs9c90fcC8pX4emOm83qMSr09Bdc_6YKPc8CYj11adJqyt9lX_xVVbD4g_EbjN0ex3yoZ3Ws2HfdHKyk9hC-v2J62cP-/w320-h171/ranil-wick-750x375.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMxuuLA6xfXxzUG7HliR2EAhDzSJYrlmIvtBk_8b3dsHgbHBQQ7UrKq4FA8aYgOga-nFKm5oXc5p10LAoXQGoM-xP7d8FVvs9c90fcC8pX4emOm83qMSr09Bdc_6YKPc8CYj11adJqyt9lX_xVVbD4g_EbjN0ex3yoZ3Ws2HfdHKyk9hC-v2J62cP-/s72-w320-c-h171/ranil-wick-750x375.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/07/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy