දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉතා සුවිශේෂීව සැලසුම් කල අයවැයක් ඉදිරිපත් කලාට මුදල් ඇමතිට ස්තුතියි - අගමැති
Homeප්‍රවෘත්ති

ඉතා සුවිශේෂීව සැලසුම් කල අයවැයක් ඉදිරිපත් කලාට මුදල් ඇමතිට ස්තුතියි - අගමැති

PropellerAds

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කය වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද ර...

චක්‍රලේඛයට පිටින් රාජ්‍ය සංස්‌ථාවක තනතුරු 22 ක්‌ දීලා
මන්ත්‍රීවරුන්ට හොඳ කලදසාවක්! - දීමනා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
අන්තරේ පාගමනට කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් (VIDEO)
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කය වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය ට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද(16) දින පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

මෙවර අය-වැය මගින් ඉදිරිපත් කර ඇති  ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වර්ෂය තුළ හා ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වනු ඇතැයි ද අග්‍රාමාත්‍යතුමා සිය කතාවේ දී විශ්වාසය පළ කළේය .

අය-වැය දෙවන වර කියවීමේ විවාදය ට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා   පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය

ගරු කථානායකතුමනි,

ඉතාමත් සුවිශේෂීව සැලසුම් කරන ලද  2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට සුභ පතමින් මගේ කථාව ආරම්භ කිරීමට කැමතියි.

බහුවිධ අංශයන්ගෙන් පැන නැගුණු අභියෝග මධ්‍යයේ තීරණාත්මක සංධිස්ථානයක සිට මෙම අයවැය ඉදිරිපත් කළ බව කියන්න ඕනෙ. මේ මගින් ප්‍රධාන වශයෙන් කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම ඉලක්ක කර තිබෙනවා.

කොවිඩ්-19 වසංගතය මගින් ජන ජීවිතයට දරුණු දුෂ්කරතා  ඇති කරමින් සමස්ත ලෝකයටම  බලපෑම් ඇති වුණා. ශ්‍රී ලංකාවටත් එම බලපෑම්වලින් මිදීමට හැකිවූයේ නැහැ.

ඒ වගේම අප රජය කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තා.

අප ගත් ක්‍රියාමාර්ග නිසාම ආර්ථිකය හැකි ඉක්මනින්ම සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකිවන බව අපගේ විශ්වාසයයි.

ගරු කථානායකතුමනි,

සීමිත රාජ්‍ය මූල්‍ය අවකාශය තුළ වුවද, ‘සෞභාග්‍යයේ  දැක්මේ’ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ද රජය අඛණ්ඩව කටයුතු කළා.

අපි මේ වන විට රැකියා විරහිත උපාධිධාරීන් හැට දහසකට (60,000) පමණ රැකියා ලබා දී තිබෙනවා. දරිද්‍රතාවය අවම කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල නුපුහුණු පුද්ගලයින් ලක්ෂයකට (100,000) රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දී තිබෙනවා.

රාජ්‍ය අංශයේ මෙම නව බඳවාගැනීම් සඳහා වැටුප් ගෙවීමට මසකට රුපියල් බිලියන 3.5ක් පමණ රජය වැය කරනවා.

අභියෝග මධ්‍යයේ වුවද රජය රටේ ආර්ථික හා සමාජීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. ජල සම්පාදනය, බලශක්තිය, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා සිදු කර ඇති අඛණ්ඩ ආයෝජනයන් කොවිඩ්-19 වසංගතය හමුවේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව සනාථ කර තිබෙනවා.

ගරු කථානායකතුමනි,

කෙසේ වුවද රාජ්‍ය මූල්‍යයනය සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙන්නට පසුගිය කාලයේදී  අපිට සිදු වුණා.

එසේ වුවත් ඉදිරි කාලපරිච්ඡේදය තුළ, අපේක්ෂිත පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ වර්ධනය සඳහා පහසුකම් සැලසීම අඛණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ගරු කථානායකතුමනි,

අපේ ආර්ථිකයේ විදේශීය අංශය වසංගතයේ බලපෑම නිසා අභියෝගයට මුහුණදී තිබෙනවා. විදේශ විනිමය, ද්‍රවශීලතාවය වැඩිදියුණු කිරීම සහ රුපියල මත පීඩනය ලිහිල් කිරීම සඳහා ඉදිරි කාලය තුළ විදේශ විනිමය ගලා ඒම සුරක්ෂිත කිරීමට රජය සහ මහ බැංකුව පියවර ගනිමින් සිටිනවා.

ගෝලීය සංචාරක කර්මාන්තය නැවත ආරම්භවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු ධනාත්මක වර්ධනයක් අපි ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.

එසේම විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ, බැංකු පද්ධතිය වෙත ආකර්ෂණය කර ගැනීමට අපි මහ බැංකුවත් සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා.

විදේශීය අංශයේ ස්ථායීතාවය ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීන උපාය මාර්ගික සැලසුම් ඇතුළත් ආර්ථිකය පිළිබඳ සියලු පාර්ශවකරුවන්ගේ විශ්වාසය තවදුරටත් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය (6) මාසික පෙර දැක්ම” මහ බැංකුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් අපි සතුටු වෙනවා.

ගරු කථානායකතුමනි,

ආර්ථිකය අභියෝගාත්මක කාලයක් පසුකරමින් සිටින බව අපි දන්නවා. මේ අයවැයෙන් ඉදිරිපත් කර ඇති ප්‍රගතිශීලී යෝජනා තුළින් ඉදිරි වසර තුළ සහ ඉන් ඔබ්බට ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වට පත් වනු ඇති බව අපගේ විශ්වාසයි.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියේ අපගේ අනාගතවාදී සැලසුම් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.

එහි ඇතුලත් සැමට ප්‍රතිලාභ අත්වන  ජනතා කේන්ද්‍රීය සමාජ සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් මනා පිටුබලයක් ලැබී තිබෙනවා.

රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීමට අප ක්‍රියාත්මක කරන තිරසාර විසඳුම් වැඩ පිළිවෙල සමඟ අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන ලෙස  සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

රොහාන් වැලිවිට
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉතා සුවිශේෂීව සැලසුම් කල අයවැයක් ඉදිරිපත් කලාට මුදල් ඇමතිට ස්තුතියි - අගමැති
ඉතා සුවිශේෂීව සැලසුම් කල අයවැයක් ඉදිරිපත් කලාට මුදල් ඇමතිට ස්තුතියි - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjEaDMGlKZVXnnnd1moh57mp7VZBYyskMFMsO4NaUB88yTaMz12ru5uEwFFe8Z1rNDIKnEDomnS6DvfUG9bf27oshO5-bjUfAoVCoCaARyBPx16Ccl_kgd6GY3J_jvHiJrZDmGPTPW8F2r/s320/Mahinda-Rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjEaDMGlKZVXnnnd1moh57mp7VZBYyskMFMsO4NaUB88yTaMz12ru5uEwFFe8Z1rNDIKnEDomnS6DvfUG9bf27oshO5-bjUfAoVCoCaARyBPx16Ccl_kgd6GY3J_jvHiJrZDmGPTPW8F2r/s72-c/Mahinda-Rajapaksa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_210.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/11/blog-post_210.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy