ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් ප්‍රථම වරට මෙරටින් හමුවී බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයක් සතුව තිබෙන බව කියයි . ජාතික ම...
ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් ප්‍රථම වරට මෙරටින් හමුවී බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයක් සතුව තිබෙන බව කියයි . ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම මැණික් ගල ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික බවය.
එම මැණික් ගල බලංගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බවත් බර කැරට් 616.90ක් වන එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බවත් එම ව්‍යාපාරිකයා පවසයි.
අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබේ.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත බවය.
කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ඔහු පැවසීය.
“මම සාමාන්‍යයෙන් රට වටේම ගිහින් මැණික් ගල් එකතු කරනවා. එහෙම කරලා ව්‍යාපාරිකයන්ට සහ විදේශිකයන්ට අලෙවි කරනවා කිලෝ 4ක විතර මැණික් ගල් මට එකතු වුණා. ඒ අතර මේ ගලත් තිබුණා. ඒ ටික මම විකුණන්න ගියාම මේක පළිගුවක් කියලා අයින් කළා. ඊට පස්සේ මම මේක විතරක් පරීක්ෂා කරන්න දැම්මා. ඒ වෙලාවෙදි තමයි මේක හඳුන ගත්තේ. මගේ ජීවිතේට මම මේ නම අහලා තිබුණෙත් නෑ.” මැණික් ව්‍යාපාරික මොහොමඩ් පස්රීන් නසීර් මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේය.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
COMMENTS