පාතාල කල්ලි සාමාජිකයෙකු වන රත්තරන් නැමැත්තා මුල්ලේරියාවේදී වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකාර පුද්ගලයා කැලණිමුල්ල ප්‍රදේශය...
පාතාල කල්ලි සාමාජිකයෙකු වන රත්තරන් නැමැත්තා මුල්ලේරියාවේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකාර පුද්ගලයා කැලණිමුල්ල ප්‍රදේශයේ සිට අංගොඩ ප්‍රදේශයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරු වෙඩි තැබීමෙන් පසු පළා ගොස් තිබේ.
අංගොඩ ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මුදියන්සේලාගේ සුරංග කුමාර නොහොත් රත්තරන් යන නාමයෙන් හදුන්වන 36 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් අංගොඩ පොලීසිය මගින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
COMMENTS