වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ සිටින බහුතරයක් හොරුන් යැයි තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප...
වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ සිටින බහුතරයක් හොරුන් යැයි තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.
“ඒ දවස්වල ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉතා ම අඩුවුණා, ඩොලර් 10ට- 5ට අන්තිමේ නිකම් දෙන්න කතා කළා. මිල ස්ථායීකරණ අරමුදලක් හදනවා කියලා බිලියන 20ක ද කොහෙද ගාණක් එකතු කළා. අන්තිමේ මොකද වුණේ ඒ සල්ලිත් නෑ, මේවාත් නෑ, අන්තිමට ඉන්ධන මිල අඩුකළෙත් නෑ.
ලෝක වෙළඳපොලේ වැඩිවෙනකොට මෙහෙත් වැඩිකරන්න නම් මොකටද ආණ්ඩුවක් කියලා මතකද කිව්වා ? කෝ දැන් ඒවා නැහැනෙ කතා ? ඔය උදය ගම්මන්පිලමනෙ කිව්වෙ ? ඒක නිසා මේ ඔක්කොම බොරු. මේ රට හදන්න හොරු නැතිකරන්න ඕනෙ. හොරකම් කරනකල් මේ රට හදන්න බෑ. මං වගකීමෙන් කියනවා රාජපක්ෂ ආණ්ඩුවේ බහුතරය හොරු ! දේශපාලනඥයො හොරකම් කරන අය.
මේ වෙන එකක් නෙවෙයි නැනෝ නයිට්‍රිජන් එකෙනුත් මේ ඊයෙ පෙරේදාත් ගහලානෙ කෝටි 300ක්. ඉතිං මොකක්ද මේ වැඩේ ? සීනි එකෙනුත් ගැහුවා. මිනිස්සු හැමදාම කන සීනි එකෙන්. හාල් එකෙනුත් ගහනවා. දැන් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේනවා. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය කොච්චර කාලෙකටද ඇති ? මෙට්‍රික් ටොන් 6500ක් ඕනෙ දවසකට. දවස් 15කට ඇති. දැන් කාබනික හාල් ද ඔය ගේන්නෙ ? අනේ අපේ වකුගඩුවලට පුදුම ආදරයක්නෙ මේගොල්ලොන්ට තියෙන්නෙ”
අශෝක් අබේසිංහ මේ බව පැවසුවේ ඊයේ (22) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS