මෙරට රජයෙන් කළ කැඳවීමකට අනුව බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දි...
මෙරට රජයෙන් කළ කැඳවීමකට අනුව බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියහ.
ඔහුව මෙලෙස ශ්‍රී ලංකාවට කැඳවා ඇත්තේ ලන්ඩන් නුවර එල්.ටී.ටී.ඊ හිතවාදීන් පිරිසක් උද්ඝෝෂණය නිරත වූ අවස්ථාවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අභිනයෙන් කළ සංඥාවක් පිළිබඳ කරුණු විමසීමක් සඳහායි.
බ්‍රිගේඩියර්වරයා අද මෙරටට පැමිණි අවස්ථාවේ ඔහුට ආශීර්වාද කිරීම සඳහා මහා සංඝරත්නය ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
සංඝයා වහන්සේට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා හමුවීමට ගුවන්තොටුපල නිලධාරීන් අවස්ථාවක් ලබා නොදුන් අතර යුද හමුදාවට අයත් රථයකින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ගුවන්තොටුපලෙන් පිටතට රැගෙන ගියහ.
ඒ පිළිබඳව සිංහලේ අපි සංවිධානයේ සභාපති ජඹුරේගම චන්දරතන හිමි මෙසේ පැවසූහ.
“පැහැදිලිවම දෙමළ ඩයස්පෝරාව විසින් ඉදිරිපත් කරන විරෝධතා සැලකිල්ලට අරගෙන තමයි මේ බ්‍රිගේඩියර්වරයා අද වෙනකොට ලංකාවට නැවත කැඳවීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ. මැතිවරණය ඉලක්ක කරගෙන මෙතුමා සේවයේ පිහිටුවීමත් මේ මැතිවරණයෙන් පසුව නැවත මේ විදියේ විවිධාකාරයේ ක්‍රියාමාර්ග අරගෙන මෙතුමා සේවයේ හෑල්ලුවට පත් කිරීමත් සමස්ත රණවිරුවාවම හෑල්ලුවට පත් කිරීමත් හැටියට තමයි අපි දකින්නේ.”
එම වීඩියෝව පහතින්,
COMMENTS