දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගරදගුරු පාස්කු සටනට බලමුළු තර කරති
Homeප්‍රවෘත්ති

අගරදගුරු පාස්කු සටනට බලමුළු තර කරති

PropellerAds

පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉල්ලා භුමියේ අරගල කරන ගිහි සංවිධාන රැසක් (23 වැනිදා) අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හම...

මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000න් වැඩි ප්‍රමාණයක් වැඩ නෑ
කොස්ගොඩ තාරකගේ මවට දුරකථනය දුන්නේ දකුණේ දේශපාලනඥයෙක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්
පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉල්ලා භුමියේ අරගල කරන ගිහි සංවිධාන රැසක් (23 වැනිදා) අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡුා කල අතර ගිහි කණ්ඩායම් එක්ව පාස්කු පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉල්ලා කරන සටනට සහාය දීම සදහා මෙලෙස තමන් හමුවීමට ආ ප‍්‍රථම අවස්ථාව බවත් මෙසේ ගිහියන් ඉදිරිපත්ව සංවිධානගතවීම තමන් ඉතා අගේ කරන බවත් කතෝලික සභාව තුල ගිහියන්ට ඉතා සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර පියතුමන්ලා මේ සටන කරනතෙක් බලා නොඉද ගිහියන් සියලු දෙනා එක්ව සංවිධාන ගතවී මෙලෙස පාස්කු බෝම්බ ප‍්‍රහාරය වෙනුවෙන් සටන් කිරිමට ඉදිරිපත්වීම තමන්ටද ශක්තියක් වන බවත් කාදිනල් හිමියො එහිදී අවධාරණය කලහ.

එසේම එම කණ්ඩායමේ යෝජනාවලිය හා වැඩ පිලිවෙල විමසා බැලූ උන් වහන්සේ එවැනි අදහස් හා විශාල වැඩපිලිවෙලක් සමග මෙම සංවිධානගතවීම සම්බන්ධයෙන් ඉතා ප‍්‍රසාදයෙන් කතා කලහ.

එසේම මීගමුව පුරවැසි කමිටුව ඇමතු උන් වහන්සේ මීගමුව ශක්තිමත් කිරීමට ඉදිරිපත් වීම සම්බන්ධව එම කණ්ඩායමට සිය ප‍්‍රසාදය පල කල අතර ඉදිරියේදී මිගමුව නියෝජනය කරන පියවරුන් හා එක්ව මෙය ගිහි පැවිදි සියල්ලන් එකට යන එක ගමනක් ලෙස එකට යන ලෙසත් ඉදිරියේදී තමන් වහන්සේ හා මීගමුව කලාපයේ පියවරු සමග එක්ව එම කරුණු සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡුා කර සංවිධානගතවියහැකි බවත් පැවසූහ.

එසේම මෙම සටනේදී විදේශගත ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධවද ඉතා ප‍්‍රසාදයෙන් කතා කල උන් වහන්සේ තමන් සමග එවැනි කණ්ඩායම් රැසක් කතා බහ කරමින් සිටින බවත් පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉල්ලා කරන මෙම සටනට විදේශීය ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ලැබෙන ඉතා අගය කල අතර තව තවත් විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් මෙයට එක්විය යුතු බවටත් අවධාරණය කලහ.

එසේම මේ මොහොතේ ගිහියන් නායකත්වය ගෙන ඉදිරියට පැමිණීම ගැන දැඩි ලෙස කතා කල කාදිනල් හිමිපාණෝ පියතුමන්ලාවද ධෙර්්‍යමත්කර මීසම් මට්ටමින් ගිහියන් සංවිධානගතවී පාස්කු බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධව යුක්තිය ඉල්ලා කරන මේ සටනේ පෙරමුණ ගැනීමේ වැදගත් කමත් එයින් මෙම සටනට තව තවත් මීසම් මට්ටමින් ශක්තිය ලැබෙන බවත් පැහැදිලි කලහ.

මෙහිදී පැමිණ සිටි සංවිධාන විසින් දෙස් විදෙස් පුලුල් එකතුවක වැදගත්කම කාදිනල් හිමි හා සාකච්ඡ කල අතර බෞද්ධ භික්ෂුන් වහන්සේ ප‍්‍රමුඛ බෞද්ධ ප‍්‍රජාවේ සහායත්, හින්දු හා ඉස්ලාම් ප‍්‍රජාවේ සහායත් සමග මෙය ජාතික වශයෙන් සමගි වීමේ වැදගත්කම අවධාරණය කලහ.

මීගමු පුරවැසි එකතුව, මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රය, අප‍්‍රියෙල් 21 යුක්තියට පදනම, මීගමුව ජනාවබෝධ කේන්ද‍්‍රය, කතෝලික ගිහි සංවිධාන එකමුතුව ප‍්‍රමුඛ ගිහි සංවිධානවල නියෝජිතයින් රැසක් මෙම හමුව සදහා සහභාගී විය.

සාකච්ඡව අවසානයේ මරදාන සමාජය හා සාමයික කේන්ද‍්‍රය විසින් පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වෙනුවෙන්ම විශේෂයෙන් නිර්මාණය කල ‘‘පාස්කු බෝම්බ ප‍්‍රහාර පසන් දුක්ප‍්‍රාප්ති ගායනාව’’ ඇතුලත් ගීත වීඩියෝ පටයක් එහි පසන් රචනා කරමින් තනු නිර්මාණය කල තිළිණ අලහකෝන් මහතා විසින් කාදිනල් හිමිපාණන් වෙත පිලිගැන්වූ අතර ඉන් පසුව පැමිණි ගිහි සංවිධාන සාමාජිකයින් හා සමූහ සේයාරුවකටද උන් වහන්සේ පෙනී සිටියහ.

– media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගරදගුරු පාස්කු සටනට බලමුළු තර කරති
අගරදගුරු පාස්කු සටනට බලමුළු තර කරති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUy4yLY8lMMs2OvGAlW-r4WaAlU-BiiB7CTUUK776IaSaU8KhkIm6fs62DfEymeif_2hYFXQA3GiT5ftolyEVzYC9RFw36_-13zBhOh3-O9sWHIY27PGOS_-DoXqHF7IoMD3mQkiccFk6M/s320/pasku.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhUy4yLY8lMMs2OvGAlW-r4WaAlU-BiiB7CTUUK776IaSaU8KhkIm6fs62DfEymeif_2hYFXQA3GiT5ftolyEVzYC9RFw36_-13zBhOh3-O9sWHIY27PGOS_-DoXqHF7IoMD3mQkiccFk6M/s72-c/pasku.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_538.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_538.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy