දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්
Homeප්‍රවෘත්ති

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්

PropellerAds

ලොව පුරා මහත් අපකීර්තියට පත් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ උපන්බිම වූ ඔස්ට්‍රියාව මෙන්ම හිට්ලර් විසු ජර්මනියේ පවා හිට්ලර් මෙන්ම...

සයිටම් ආහෝසි කළ යුතුයි - බුද්ධික පතිරණ
'දෙගොල්ලොම නෑවා' - බැඳුම්කර වංචාව ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්
රටවල් 7 ක පුද්ගලයන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්

ලොව පුරා මහත් අපකීර්තියට පත් ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ උපන්බිම වූ ඔස්ට්‍රියාව මෙන්ම හිට්ලර් විසු ජර්මනියේ පවා හිට්ලර් මෙන්ම හිට්ලර් විසින් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන සමයක ඇතැම් පිරිස් මෙරට හිට්ලර් පන්නයේ පාලනයක් අපේක්ෂා කරමින් අදහස් ප්‍රකාශ කිරීම තරයේ  හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද  (28) පෙරවරුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. 

ජර්මනිය වර්තමානයේ දී  ලොව පුරා රටවල ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව අයිතිවාසිකම් ඇති කිරීම වෙනුවෙන් විශාල වශයෙන් ආධාර අනුබල ලබා දෙමින් සිටින්නේ හිට්ලර්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ ෆැසිස්ට්වාදී පාලන ක්‍රමයක ඇති මනුශ්‍යත්වය නිගා දෙන කෘර අත්දැකීම් පිළිබඳව අවබෝධ කරගෙන ඇති බැවින් බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

එසේම නිදහස් මිනිසුන් ජීවත්වන මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් සහිත අපගේ රටට එවැනි ෆැසිස්ට්වාදී පාලන ක්‍රමයක් ඇතිකිරීමට සාමය  සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරේ විශ්වාසය තබන මෙරට ජනතාව කිසිසේත් ඉඩ නොදෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ජනාධිපතිවරණයට ඉල්ලා සිටින්නේ නම් පමණක් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කර ඇති බවයි.

ඉන් පෙනී යන්නේ එසේ  නොමැතිනම් ඔහු ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමට කැමැත්තක් නොදක්වන බව යැයි පැවසූ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට ආදරේ නම් ජනාධිපතිවරණයට පෙනී සිටිය නැත ද  හැකිනම් ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කරන බව ද පැවසිය.

පුද්ගලයකු තමන් උපන් රට අතහැර වෙනත් රටක පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ තමා උපන් දේශය පිළිබඳ ආදරයක් හෝ රට පිළිබඳ අවංක හැඟීමක් නොමැති නිසා බව පැවසූ මහ ලේකම්වරයා දේශියත්වය අපේකම ගැන ව්‍යාජ ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටිය ද ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික අනන්‍යතාව ප්‍රතික්ෂේප කරමින්  ඇමරිකාවේ පුරවැසිභාවය ලබාගෙන ඇති බවත් එය අතහැරීමට ඔහු කිසිවිටක සූදානම් නොමැති බවත් පෙන්වා දුන්නේය. එසේම ඔහු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් බව පවසන්නේ ද තමන්ගේ බලලෝභී අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට විනා ශ්‍රී ලංකාවට සැබෑ ලෙස ආදරය නිසා නොවන බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නේය.

හිට්ලර් සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති සමානකම් පිළිබඳ අදහස් දැක්වූ මහලේකම්වරයා ප්‍රකාශ කළේ හිට්ලර්ට ද ජර්මනියේ පුරවැසියකු නොවූ බැවින් ජර්මන් පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් නොයෙක් දේ සිදු කළ බවයි.

හිට්ලර් පාලන බලය ලබාගෙන පළමුවෙන්ම සිදු කළේ ජර්මන් පාර්ලිමේන්තුව ගිනි තබා ජර්මනිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති කර දැමීම බව පැවසු මහලේකම්වරයා පසුගිය දිනවල අවස්ථා රාශියක දී ම ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව පවත්වා ගෙන යාමට එරෙහිව සිදු කරන ලද කඩාකප්පල්කාරී ක්‍රියා සිහිගන්වනේ හිට්ලර් විසින් එවකට ජර්මනියේ සිදු කළ පරිදි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගිනි තැබීම හා සමාන ක්‍රියාවන් බව ද සිහිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ලැබ  මෙරට විශ්වවිද්‍යාලයකින් උපාධිය හදාරා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් මගින්  ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි පුද්ගලයකු බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.​

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එජාප මහලේකම්ගෙන් අභියෝගයක්
http://am.lk/media/k2/items/cache/13fa5491319d3c2d8b9c94699b665b69_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_760.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_760.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy