දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පඩි මදි නම් වෙන රස්සාවක් හොයා ගන්න – ගුරුවරුන්ට පොහොට්ටුවෙන් පණිවිඩයක්!
Homeප්‍රවෘත්ති

පඩි මදි නම් වෙන රස්සාවක් හොයා ගන්න – ගුරුවරුන්ට පොහොට්ටුවෙන් පණිවිඩයක්!

PropellerAds

ගුරු වෘත්තියෙහි වැටුප් අඩු යැයි කියනා ගුරුවරුන්ට වෙනත් රැකියාවන් සොයා ගැනීමට ඕනෑ තරම් නිදහසක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සං...

ජනපති‍ගේ දවසක වියදම කෝටිය පනී - අයවැයේ වියදම් මෙන්න
ඇවන්ට්ගාඩ් සභාපතිට වසරකට රට යන්න අවසර
මිහින් ලංකා නිලධාරීන් කාර්යාල අඩස්සියේ (VIDEO)
ගුරු වෘත්තියෙහි වැටුප් අඩු යැයි කියනා ගුරුවරුන්ට වෙනත් රැකියාවන් සොයා ගැනීමට ඕනෑ තරම් නිදහසක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ පවසයි.

මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඇය වැඩි දුරටත් මෙසේ පැවසුවාය. “කෙසේ වෙතත් පාසල් පටන් ගැනීම 21 වෙනිදා කරනවා. ඒ සම්බන්ධයෙන් අපේ සංගමයත් අපට සම්බන්ධ හුගක් ගුරු – විදුහල්පති සංගම් තියෙනවා, ඒ අය ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නවා. අපි අපේ ගුරුවරුන් විදුහල්පතිවරුන් දැනුවත් කරලා තියෙනවා පාසල් 21 පටන් ගන්නවා නම් ඒ සඳහා අවශ්‍ය ඉගෙනුම් ඉගැන්වුම් ක්‍රියාවලියට අදාළ ලෙස පරිසරය සකස් කරන්න කියලා. ඒක වෙමින් යනවා.

සමහර අන්තවාදී ගුරු සංගම් මේ සම්බන්ධයෙන් විවිධ බලපෑම්, තර්ජන කරනවා. විවිධ විදියට ගුරුවරුන් මානසිකව වට්ටන්න විවිධ පීඩනයන්ට ලක් කරන්න සමාජ මාධ්‍ය ජාල හරහා කටයුතු කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් අපි පොලිසිය සහ ආරක්ෂක අංශ දැනුම්වත් කරලා තියෙනවා. අපට පුළුවන් 21 පාසල් පටන් ගන්න. අපි ඒ යුතුකම දරුවො වෙනුවෙන් කරනවා.

යම්කිසි හේතුවක් නිසා යම්කිසි අයෙක් මේවාට බලපෑම් කරනවා නම් කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයට කියනවා ඒ නීතිමය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්න කියලා. මොකද වෘත්තීය සමිතියක් කියන්නෙ අයිතිවාසිකම් වගේම යුතුකම් ගැනත් කතා කරන්න ඕනෙ. යුතුකම් පැහැර හරිමින් තමන්ගෙ අයිතිවාසිකම් කතා කරනවා නම් ඒ අය සම්බන්ධයෙනුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ආයතන සංග්‍රහයේ විධිවිධාන යොදලා තියෙනවා, ඒ අනුව කටයුතු කරන්න.

කාට හරි මේකෙ පඩි අඩුයි හරි, එහෙම වැටුප් ගැනම ඉල්ලලා ඒ මත්තෙම ඉන්නවා නම් දරුවො ගැන හිතන්නෙ නැත්නම් ඒ අයට වෙනත් රැකියාවල් තෝරාගන්නත් නිදහස ඕනෙ තරම් තියෙනවා. ඕනෙ තරම් උපාධිධාරීන් ඉන්නවා මේ වෙනකොට මේ ක්ෂේත්‍රයට එන්න, වැටුප් අඩුවුණත් මේ ක්ෂේත්‍රයට එන්න දැන් උපාධිධාරීන් 50,000ක් පොරකනවා. 18,000ක් බඳවා ගන්නෙ ඒකට ඇතුළු වෙන්න ඔය ඔක්කොම කෑගහන වෘත්තීය සමිතිවල අය තමයි පොරකන්නෙ ඒ 18000 පත්කරගන්න. වැටුප් අඩු නම් ඇයි මේ ගුරු වෘත්තියට මේ තරම් ඉල්ලුමක් තියෙන්නෙ”


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පඩි මදි නම් වෙන රස්සාවක් හොයා ගන්න – ගුරුවරුන්ට පොහොට්ටුවෙන් පණිවිඩයක්!
පඩි මදි නම් වෙන රස්සාවක් හොයා ගන්න – ගුරුවරුන්ට පොහොට්ටුවෙන් පණිවිඩයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRzRDFfF0OwA9GdQ2NV3ExDmcXSSOZsF8Q_rPlvyLeXtVbxZU31dvAhI2LVXRFj1p56vQQdWeEpAPo-crFEGB1k-sks0wnBBtSuvHmRaCaoCWmcqVI6TF2XhS2P2SGfNZ2u4eQ3OXVZ27i/w320-h189/image_45abd4b540.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRzRDFfF0OwA9GdQ2NV3ExDmcXSSOZsF8Q_rPlvyLeXtVbxZU31dvAhI2LVXRFj1p56vQQdWeEpAPo-crFEGB1k-sks0wnBBtSuvHmRaCaoCWmcqVI6TF2XhS2P2SGfNZ2u4eQ3OXVZ27i/s72-w320-c-h189/image_45abd4b540.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_497.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_497.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy