දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති‍ගේ දවසක වියදම කෝටිය පනී - අයවැයේ වියදම් මෙන්න
Homeප්‍රවෘත්ති

ජනපති‍ගේ දවසක වියදම කෝටිය පනී - අයවැයේ වියදම් මෙන්න

PropellerAds

2017 මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත විෂය භාර අමාත්‍ය රවී කරුණානායක අද (20) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.  ...

“රැල්ලට අරගල කළ තරුණයන් පුනරුත්ථාපනය කළ යුතුයි” – නාමල් රාජපක්ෂ (VIDEO)
දිනේෂ් අරලිය ගහ මැදුරට නොයන්නෙ බයේද?
අරගලකරුවන් ඡන්දෙට එයි! දේශපාලන ගමන අරඹන්න අලුත් සන්ධානයක් – ප්‍රධාන පක්ෂයක් නෑ!
ජනපති‍ගේ දවසක වියදම කෝටිය පනී - අයවැයේ වියදම් මෙන්න

2017 මුදල් වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත විෂය භාර අමාත්‍ය රවී කරුණානායක අද (20) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

ඒ අනුව 2017 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනූව ලබන වසරේදී රජයේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 1819.5ක් වෙයි.

2016 වසරේදී එය රුපියල් බිලියන 1941.4ක් වන අතර එය 2016 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 21.9ක අඩුවීමකි.

2017 විසර්ජන පනතට අනූව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 6.45කි. (එනම් රුපියල් කෝටි 645කි).

2016දී ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් බිලියන 2.3ක් වන අතර එය මෙවර තුන් ගුණයක පමණ වැඩිවීමක් ලෙස දැකිය හැකිය.

2017දී අග‍්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය‍ වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 1.25කි. (එනම් රුපියල් කෝටි 125කි). එය 2016දී රුපියල් බිලියන 0.4ක් ලෙස සටහන් විය.

2017 වසරට ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 284ක් වෙන්කර ඇති අතර  2016ට සාපේක්ෂව එය රුපියල් බිලියන 22ක අඩුවීමකි.

2017 සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 160.9ක්ද වෙන්කර ඇති අතර 2016 සඳහා එය රුපියල් බිලියන 174.9ක් වේ.

2017 අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 76.9ක් වන අතර 2016 වසර සඳහා එය රුපියල් බිලියන බිලියන 185.9කි. එය 2016 හා සැසඳීමේදී රුපියල් බිලියන 109ක් අඩුවීමක් බව පෙනේ.

2017 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 163.4ක් වෙන්කර ඇත.

අයවැය දෙවන වර කියවීම ලබන නොවැම්බර් මස 10 වැනිදා සිදුකිරීමට නියමිත අතර ඡන්ද විමසීම එම මස 18 වනදා සිදුකිරීමට නියමිතය.

අයවැය විවාදය දෙසැම්බර් 10 වනදා දක්වා සිදු කිරීමට නියමිත අතර තෙවන වර ඡන්දය ද එදින පැවැත්වීමට නියමිතව ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති‍ගේ දවසක වියදම කෝටිය පනී - අයවැයේ වියදම් මෙන්න
ජනපති‍ගේ දවසක වියදම කෝටිය පනී - අයවැයේ වියදම් මෙන්න
http://ift.tt/2e3LHaZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_113.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_113.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy