මිහින් ලංකා ගුවන් සමාගමේ කොළඹ කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලය තුළ ඊයේ(19) නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි වාර්තාවේ. එහිදී මිහින් ලංකා ප්‍ර...
මිහින් ලංකා ගුවන් සමාගමේ කොළඹ කොල්ලුපිටිය පිහිටි ප්‍රධාන කාර්යාලය තුළ ඊයේ(19) නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි වාර්තාවේ.
එහිදී මිහින් ලංකා ප්‍රධාන කාර්යාලයේ මානව සම්පත් කළමනාකරු, මූල්‍ය ප්‍රධානි හා පරිපාලන ප්‍රධානි යන තිදෙනා කාර්යාල අඩස්සියට පත්කොට සේවකයින් විසින් විරෝධතා දක්වා තිබේ.
මිහින් ලංකා ආයතනය ලබන 30වන දින වන විට ශ්‍රී ලංකන් එයාර් සමාගමට අනුබද්ධ කිරීමට තීරණය කර ඇතත් තමන්ට එහි රැකියා අවස්ථා ලබාදීමට හෝ නිසි වන්දි මුදලක් ලබාදීමට හෝ මෙතෙක් ක්‍රියා කර නොමැති බව සේවකයින් චෝදනා කරයි.
ඒ අනුව තම රැකියා සුරක්ෂිත කරන ලෙස හෝ නැතිනම් තමන් ඉවත්කරනු ලබන්නේ නම් සුදුසු වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලමින් සේවකයින් විසින් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් මිහින් ලංකා ගුවන් සමාගමේ කළමණාකාරීත්වය සඳහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සේවකයින්ට දන්වන බවත් හෙට අනිද්දා වනවිට එම තීරණය ප්‍රකාශයට පත් කළ හැකි බවත්ය.
COMMENTS