දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති බැසිල්ගේ විශ්වාසවන්තයන් දෙදෙනකු නුවරට යවයි
Homeප්‍රවෘත්ති

ඇමති බැසිල්ගේ විශ්වාසවන්තයන් දෙදෙනකු නුවරට යවයි

PropellerAds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විශ්වාසවන්තම දේශපාලන සගයන් දෙදෙනකු මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන කට...

"යහපාලනය නිසා මධුෂ් අල්ලගන්න පුළුවන් වුණා" - සාගල කියයි
"පුළුවන් නම් අත්අඩංගුවට අරන් පෙන්නන්න" - මධුෂ් ජ්‍යෙ. නි පොලිස්පති ලතීෆ්ට අභියෝග කරලා
පළාත් සභාවට එජාපය පස්ස ගහයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විශ්වාසවන්තම දේශපාලන සගයන් දෙදෙනකු මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ කර ඇත.

පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරකම්වල වැඩි වර්ධනයක් බලාපොරොත්තුවෙන් මෙසේ පත්කර ඇත්තේ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් ය.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන ඔවුන් දෙදෙනා මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 2ක ප්‍රාදේශීය කමිටු සභාපතිවරුන් ලෙස කටයුතු කිරීම ආරම්භ කර ඇත.

මේ අතරින් ජයන්ත කැටගොඩ මහතා 2020 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව පැමිණීම සඳහා ඉල්ලා අස්විය. යළිත් ඔහු මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයට පත්වීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව යි.

ජයන්ත කැටගොඩ මහතා අද දින තෙල්දෙණිය ප්‍රාදේශීය කමිටු සභාපතිවරයා ලෙස වැඩ බාරගත්තේ ය.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මීට ටික කලකට පෙර සිට උඩුනුවර ආසනයෙහි ප්‍රාදේශීය කමිටු සභාපතිවරයා ලෙස ක්‍රියාකරයි.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන අතර ඔහුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිට ක්‍රියාකාරීව සම්බන්ධ වූ පුද්ගලයෙකි.

ආර්ථික කටයුතු පිළිබඳ මුදල් අමාත්‍යවරයා හට උපදෙස් දෙන විද්වතකු ලෙසද මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කරයි.

කොළඹ පාදක කරගත් ක්‍රියාකාරකම්වල නිරත වූ ඔවුන් දෙදෙනා මහනුවර දේශපාලන කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කර ගැනීම තුළ, පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය වැඩි කිරීමට හේතුවක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති බැසිල්ගේ විශ්වාසවන්තයන් දෙදෙනකු නුවරට යවයි
ඇමති බැසිල්ගේ විශ්වාසවන්තයන් දෙදෙනකු නුවරට යවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEkv64E2WFwjCEnd7iBsu4yU2JCF4q-GXJpDnRCiBR1GsJDSU02K5pxWs8Gv_rSu3IeNIo3_oCLc6B_JYx0C-1I9MgVJEwPE6CgqbnCGiwXDv95Gbb9czAN9yJJbXMUpKd2yXyFRknuPx4/w320-h203/Ranjith-basil-jayantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEkv64E2WFwjCEnd7iBsu4yU2JCF4q-GXJpDnRCiBR1GsJDSU02K5pxWs8Gv_rSu3IeNIo3_oCLc6B_JYx0C-1I9MgVJEwPE6CgqbnCGiwXDv95Gbb9czAN9yJJbXMUpKd2yXyFRknuPx4/s72-w320-c-h203/Ranjith-basil-jayantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_366.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_366.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy