දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"යහපාලනය නිසා මධුෂ් අල්ලගන්න පුළුවන් වුණා" - සාගල කියයි
Homeප්‍රවෘත්ති

"යහපාලනය නිසා මධුෂ් අල්ලගන්න පුළුවන් වුණා" - සාගල කියයි

PropellerAds

මත්ද්‍රව්‍ය නිවාරණයට නව ඒකකයක් පිහිටුවමින් නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා යහපාලන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මදුෂ් වැනි මහා පරිමාණයේ ...

"රුපියල වැටුණට ආර්ථිකය වැටුණේ නෑ" - මංගල
”අද උතුරු පළාතේ පත්වීම් දෙන්නේ තරඟ විභාග පැවැත්වීමෙන් අනතුරුවයි” - උතුරු මහ ඇමැති
ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

මත්ද්‍රව්‍ය නිවාරණයට නව ඒකකයක් පිහිටුවමින් නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා යහපාලන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මදුෂ් වැනි මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඇමැති සාගල රත්නායක මහතා පැවසීය.

ප්‍රධාන පෙළේ අපරාධකරුවකු සහ මත්කුඩු ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ කළ ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බවද රත්නායක මහතා ප්‍රකාශ කළේය.

තමා යටතේ එම අමාත්‍යංශය පැවැති යුගයේ මේ කටයුතු වඩාත් විධිමත් කළ බවද, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා වන අබ්දුල්ලා බින් සයෙඩ් අල් නහ්යාන් මහතා 2017 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමන් මේ සඳහා ඔහුගේ සහාය ඉල්ලා සිටි බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිටපු තානාපතිවරයා ද මේ ක්‍රියාවලියේ දී සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා යටතේ මෙම සාර්ථක මෙහෙයුම සිදු කළ දිසාව ස්ථාපිත කළේ තමා නීතිය සහ සාමය අමාත්‍යධූරය දැරූ කාලයේ දී බවත්, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම සංවිධානාත්මක අපරාධ විමර්ශනය ද මෙම දිසාව යටතට පත් කිරීමට කටයුතු කළ බවත් කීය.

මදුෂ් පසුපස එදා සිට කිහිප වරක් පන්නා නිසි ක්‍රමවේදයකට අනුව මේ වන විට තවත් තිදෙනෙක් සමඟ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට සුබ පතන බවත්, පොලිස් දෙපාර්තමේන්තුවේ අවශ්‍යතා හා අවශ්‍ය පුහුණුව මෙන්ම මිල අධික නවීන උපකරණ ලබාදීමට තම කාලයේ ක්‍රියාත්මක වූ බවද ‍කීය. මිල අධික උපකරණ ලබා ගැනීමේ දී වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන් බාධක ඇතිවීම නිසා ඒවා අවමකර ගෙන ඉදිරියට යාමට සිදුවූ බැවින් අත්අඩංගුවට ගැනීම මේ දක්වා ප්‍රමාද වූ බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්‍යංශය යටතට නීතිය හා සාමය අමාත්‍යංශය පවරා ගැනීමට පෙර යහපාලන ආණ්ඩුව සමයේ තමා ඇතුළු ඇමැතිවරු සිව්දෙනෙක් එම අමාත්‍යාංශයේ කටයුතු කළ බවද ඒ අනුව 2015 දී යහපාලන ආණ්ඩුව පත්වන අවස්ථාව වන විට තිබුණු බරපතළ අපරාධ 2017 වසර වන විට සියයට 30කින් අවමකර ගැනීමට හැකි වූ බවද සඳහන් කෙළේ ය.

යුද්ධයෙන් පසු සිවිල් සමාජය සමඟ කටයුතු කිරීමත් නීතිය හා සාමය ස්ථාපිත කිරීමත් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට පුහුණුවකට යොමුකරමින් විනයක් සහිත ස්වාධීන ආයතනයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව එම කාලයේ ස්ථාවර කළ බවද කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය මත එම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම ජාවාරම්කරුවන් අත්අඩංගුව ගැනීමේ වර්තමාන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හේතු වූ බවද සාගල රත්නායක ඇමැතිවරයා අවධාරණය කෙළේය .

කොළඹ වරාය පරිශ්‍රයේ ඊයේ (7) ඇමැතිවරයා කළ නිරීක්ෂණ චාරිකාවක දී මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුර දෙමින් මේ බව ප්‍රකාශ කළේය.

ස්වාධීන පොලිස් කොමිසම හරහා පොලිස් සේවයේ ස්වාධීනත්වය තහවුරු වීම, දියුණු පුහුණුවීමේ පහසුකම් සහ යටිතල පහසුකම් ඉහළ නැංවීම වැනි සාධක මෙම සාර්ථක මෙහෙයුමට හේතු වූ බවද ඇමැතිවරයා කීය.

එහිදී ඇමතිවරයා මෙසේද අදහස් දැක්විය.

"මෙම දිසාව ස්ථාපිත කරන අවස්ථාවේ අපි දැනගෙන හිටියා මෙයට නායකත්වය ලබා දීමට සුදුසුම නිලධාරියා ලතීෆ් මහතා බව. ඒ නිසා ඔහුට එම තනතුර ලබා දුන්නා. ඒ වගේම මේ වගේ දරුණු අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීම මහත් ඉවසීමකින් වගේම අධිෂ්ඨානයකින් සිදු කළ යුතු දෙයක් බවත් අපි දැනගෙන හිටියා. අප රජය බාරගන්නා විට වසර ගණනාවක් තිස්සේ පොලිස් නිලධාරීන්ට පුහුණුව ලබා දීම මඟ හැරිලයි තිබුණේ. ලෝකයේ ඕනෑම රටක පොලිස් සේවයක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් අඛණ්ඩව ඔවුන්ට පුහුණුවීම් ලබා දීම අනිවාර්ය වෙනවා. අපි ඒ ප්‍රශ්නය විසඳුවා. අපේ මේ වැඩපිළිවෙළේ ප්‍රතිඵල 2017 අවසන් වන විටම පෙනෙන්නට තිබුණා."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "යහපාලනය නිසා මධුෂ් අල්ලගන්න පුළුවන් වුණා" - සාගල කියයි
"යහපාලනය නිසා මධුෂ් අල්ලගන්න පුළුවන් වුණා" - සාගල කියයි
http://am.lk/media/k2/items/cache/316dcafa93ed9d0e6077b32ea87179dc_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_534.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_534.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy