දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුනිලීවර් සමාගමේ බදු වංචාවක් යට ගහන්න බලපෑම් !
Homeප්‍රවෘත්ති

යුනිලීවර් සමාගමේ බදු වංචාවක් යට ගහන්න බලපෑම් !

PropellerAds

 'යුනිලිවර් ශ්‍රී ලංකා' සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් ම...

බදුදීම විකිණීමදෝ ආදරේ - මට රිදවන්නෙපා ආයෙ සංසාරයේ
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව මහින්දලා සැලසුම් හදති.
රනිල්ගේ ආර්ථික කමිටුවට ඉහළින් මෛත්‍රීගේ කමිටුවක්.
 'යුනිලිවර් ශ්‍රී ලංකා' සමාගම විසින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 570 කට වැඩි බදු වංචාවක් සිදුකර ඇති බවත් එය යට ගැසීම සඳහා
ආණ්ඩුවේ ප්‍රබලයින් ගෙන් බලපෑම් එල්ල වී ඇති බවත් රේගුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එම ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, 2018 ඔක්තෝබර් - 2019 අප්‍රේල් කාලසීමාව තුළ යුනිලිවර් සමාගමේ සබන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය පාම් ඔයිල් ෆැටි ඇසිඩ් නමැති සංඝටකය ආනයනය කිරීමේදී රේගු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු 25% ක බදු මුදල වංචා සහගත ලෙස ගෙවීම පැහැර හැර තිබේ.
 
අදාල සංඝටකය ආනයනය කිරීමේදී HS අංක 3823.19.20 යටතේ ආනයනය කළයුතු වුවත් ඒවා ආනයනය කර තිබෙන්නේ HS අංක 3823.19.90 යටතේයි. මේ හරහා අදාල බදු මුදල් නොගෙවා සිටීම සමාගම සමත් වී ඇත.
  
කෙසේ නමුත් රේගු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම වංචනික ක්‍රියාව හරහා රුපියල් මිලියන 570 කට අධික මුදලක් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම විසින් රේගුවට ගෙවිය යුතු බවයි. 
 
 මෙම මුදල සහ මුදල නොගෙවා සිටීමට අදාල දඩ මුදල ලෙස රුපියල් බිලියනයකට අධික මුදලක් ගෙවන ලෙස රේගු බළධාරීන් සමාගමට දන්වා ඇති නමුත් එම මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේ.
 
ඉන්පසු රේගු බළධාරීන් විසින් 2021 ජනවා‍රි මස 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ 19/2021 අංකය යටතේ යුනිලිවර් සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.
 
මෙම වංචාව සිදුව තිබෙන්නේ පසුගිය යහපාලන රජය සමයේදීය. යහපාලන රජය සමයේදී සිදු වූ වංචා දූෂණවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු‍ වෙමින් බලයට පත් වූ වත්මන් පාලකයන්ද නීතිමය පියවර ගැනීම වෙනුවට වංචනිකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී.
 
රේගු දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් පවසන්නේ මෙම නඩුව සමාගමට වාසි සහගත වන පරිදි සමථයකට පත් කර ගන්නා ලෙස වත්මන් ආණ්ඩුවේ සහ පැවති ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන, දැරූ පුද්ගලයන් හරහා රේගුවට බලපෑම් එල්ලවෙමින් තිබෙන බවයි.
 
රාජ්‍ය ආයතනයක් වන රේගු දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවකදී රජය රේගු දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් සෘජුව හෝ වක්‍රාකාරව ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන් යුනිලිවර් සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් එම පාර්ශ්වය බේරා ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බව රේගු නිලධාරීන් වැඩි දුරටත් පවසයි. 



-theleader
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුනිලීවර් සමාගමේ බදු වංචාවක් යට ගහන්න බලපෑම් !
යුනිලීවර් සමාගමේ බදු වංචාවක් යට ගහන්න බලපෑම් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiomJWz2euFCzOVd-mw32XEznbQwjgHdbZa5T4d-FZ-hui50xq3wOnKx50DHSojiyY92TR9O0FUgObph9I7rhgdhBGvW9U4ZfkTDHZrEX-SRoKHkLWvyz9G6n7aW95OMpSvJ2rCq_A7BF-/s320/unilever-tax.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiomJWz2euFCzOVd-mw32XEznbQwjgHdbZa5T4d-FZ-hui50xq3wOnKx50DHSojiyY92TR9O0FUgObph9I7rhgdhBGvW9U4ZfkTDHZrEX-SRoKHkLWvyz9G6n7aW95OMpSvJ2rCq_A7BF-/s72-c/unilever-tax.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_266.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_266.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy