ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ අනාගත වැඩපිළිවෙල සැලසුම් කිරීමේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් හිටපු ජනාධිපති මහින්ද...
ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ අනාගත වැඩපිළිවෙල සැලසුම් කිරීමේ විශේෂ සාකච්ඡා වට කිහිපයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයේන් ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත ය.
ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු පැවසුවේ වැඩවර්ජනය මර්දනය කිරීමේදී ආණ්ඩුව දක්වන මර්දනකාරී ප්‍රතිපත්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්තනෝමතික ලෙස සම්මත කර ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය සහ පසුගිය ආණ්ඩුවේ ක්‍රියාකාරීන්ගෙන් දේශපාලන වශයෙන් පළිගැනීමේ සැලසුම සම්බන්ධයෙන් මේ සාකච්ඡා වලදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.
මේ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහභාගි වන්නේද යනුවෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ පිළිබඳව තමන් දැනුවත් නැති බවයි.
COMMENTS