දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිරූපමා අල්ලස් කොමිසමට කැදවයි.. ලංකාවට නාවොත් ඉන්ටපොල් හරහා සිතාසි.. වත්කම් පාර්ලිමේන්තුවටත් හෙලි කර නෑ…
Homeප්‍රවෘත්ති

නිරූපමා අල්ලස් කොමිසමට කැදවයි.. ලංකාවට නාවොත් ඉන්ටපොල් හරහා සිතාසි.. වත්කම් පාර්ලිමේන්තුවටත් හෙලි කර නෑ…

PropellerAds

තමන් සතු සැබෑ වතුකම් හෙළි නොකිරීමේ චෝදනාව ගැන ප්‍රශ්න කිරීමට හිටපු ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ලබන සතියෙන් පසුව අල්ලස් හෝ දූෂණ කොමිසමට...

ගෝඨාගේ අමෙරිකා ගමන දේශපාලනයට පාර කපයි - ගෝඨා හිරකරන්න ලබන සතියේ විශේෂ මහාධිකරණයේ නඩු
මහනුවර ඇසල පෙරහැර අද සිට
කිරි වෙහෙර විහාරාධිපති යළි හදිසියේම රෝහල් ගතකරයි
තමන් සතු සැබෑ වතුකම් හෙළි නොකිරීමේ චෝදනාව ගැන ප්‍රශ්න කිරීමට හිටපු ඇමැතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය ලබන සතියෙන් පසුව අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

නිරෑපමා රාජපක්ෂ මහත්මිය 1994 සිට වසර 2000 දක්වාද වසර 2005 සිට 2015 දක්වාද වසර 16ක් හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රීවරියක සහ රාජ්‍ය අමාත්‍යවරියක ලෙස සේවය කළාය.

එම කාලය තුළ ඇය සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා අයථා ලෙස වත්කම් රැස් කරන ලද බවට සුප්‍රකට පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබේ. එහෙත් ඇය තමන් හා තම පවුල සතු වත්කම් විධිමත් ලෙස මැතිසබයට මන්ත්‍රීවරයකු ලෙස ලබාදෙන වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශයන්හි ඇතුළත් කර නොමැති බවට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි ලැබී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගි ජන බලවේගය ඇතුළුව විවිධ තැනැත්තන් සහ සංවිධානවලින් පැන්ඩෝරා පත්‍රිකාවලින් චෝදනා නැගෙන ශ්‍රී ලාංකිකයන් ගැන විමර්ශනය කරන්නැයි අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කර ඇත.

මේ කරැණ සම්බන්ධයෙන් හිටපු ඇමැතිනි නිරූපමාගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා පසුගිය සිකුරාදා අල්ලස් කොමිසම වෙත කැඳවීය. එහිදි ඔහු ප්‍රකාශය ලබාදීමට තවත් දිනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව ලබන සිකුරාදා ඊට පැමිණෙන ලෙස කොමිසම දැන්වීය. ඔහුගේ ප්‍රකාශයේ තොරතුරුද පදනම් කරගෙන නිරෑපමා රාජපක්ෂගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමට අල්ලස් හෝ දූෂණ කොමිසම සිකුරාදා තීන්දු කළේය.

වත්කම් හෙළි නොකිරීම, බදු ගෙවීම පැහැර හැරීම, මුදල් විශුද්ධිකරණය යන චෝදනා ගැන නිරූපමා රාජපක්ෂගෙන් හා තිරැකුමාර් නඩේසන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ කෙරේ. දැනට කොමිසමේ විශේෂ පරීක්ෂණ කණ්ඩායම් 5ක් ඒ සඳහා පත් කර ඇතැයි සඳහන්ය.

අයථා ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 160ක පමණ වත්කම් මෙම යුවල විසින් රැස්කර විදේශීය අක්වෙරළ සමාගම්වල රඳවා ඇතැයි පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබිණි.

ලබන සතියේ හිටපු ඇමැතිනී නිරූපමාව අල්ලස් හෝ දූෂණ කොමිසමේ පෙනී සිටින ලෙස දැනටමත් සිතාසි යවා තිබේ. එහෙත් ඇය මේ වන විට විදේශගතව ඇතැයි වාර්තා වී ඇත. ඇය විදේශගතව සිතාසි බාර නොගතහොත් ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) හරහා සිතාසි බාරදීමට අපේක්ෂා කරන බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

– deshaya
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිරූපමා අල්ලස් කොමිසමට කැදවයි.. ලංකාවට නාවොත් ඉන්ටපොල් හරහා සිතාසි.. වත්කම් පාර්ලිමේන්තුවටත් හෙලි කර නෑ…
නිරූපමා අල්ලස් කොමිසමට කැදවයි.. ලංකාවට නාවොත් ඉන්ටපොල් හරහා සිතාසි.. වත්කම් පාර්ලිමේන්තුවටත් හෙලි කර නෑ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1LPtrfP6RlC1c77p8Sn_u_1gkgPWynfL2jeutuyPvicjeDRfUJ6a9WL28TZ2mLc62TumtJ3iVs767mbq9d1byzqk59yYOTBqFj94iDak-Nw1vt7k62vEqD-0LGFDkRlLMFx9QCX3Bey3h/s320/nirupama.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg1LPtrfP6RlC1c77p8Sn_u_1gkgPWynfL2jeutuyPvicjeDRfUJ6a9WL28TZ2mLc62TumtJ3iVs767mbq9d1byzqk59yYOTBqFj94iDak-Nw1vt7k62vEqD-0LGFDkRlLMFx9QCX3Bey3h/s72-c/nirupama.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_168.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_168.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy