දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි
Homeප්‍රවෘත්ති

ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි

PropellerAds

ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පැදවූ කැබ්රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හුවමාරුවේදී නවතා ඔහුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරී...

දුම්රිය ගමන් ගාස්තුව 15% කින් ඉහලට
අගමැතිට එරෙහි විශ්වාසභංගයට ටී.බී.රත්නායක අත්සන් කරයි
බංග්ලාදේශ ක්‍රීඩකයින් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ විවේකාගාරය විනාශ කරයි - සකිබ්ට නුරුල්ට දඩ PHOTOS
ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු පැදවූ කැබ්රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක හුවමාරුවේදී නවතා ඔහුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු වහාම ස්ථාන මාරු කර යැවීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

මෙම සිද්ධියට මුහුණ පා සිටින ස්ථාන මාරුව ලබා ඇත්තේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. පොලිස්පති ලබාදුන් ස්ථාන මාරුව අනුව ඔහු මාතර කොට්ඨාසය වෙත මාරු කර ඇත.

මෙම අතිරේක ​ලේකම්වරයා පවුලේ අය සමගින් අපරැක්ක හුවමාරුවෙන් අතුරුගිරිය බලා ගමන් කිරීමට යාමේදී පොලිස් කොස්තාපල්වරයා එම වාහනය පරීක්ෂා කිරීමට නවතා ඇත.

එහිදී රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ දෙවැනියා බවත් කවදාවත් ආරක්ෂක අමාත්‍යාංශයේ වාහනයක් නවත්වා නැති බවත් කියමින් එම පුද්ගලයා කොස්තාපල්වරයාට දැඩි ස්වරයෙන් කතාකර ඇත. ඒ අවස්ථාවේ වාහනයේ සිටි කාන්තාවක්ද රියැදුරු බලපත්‍රය ඉල්ලුවේ යැයි කියමින් කොස්තාපල්වරයාට බැණ වැදී තිබේ.

අමාත්‍යාංශ පුවරු ප්‍රදර්ශනය කර විවිධ වාහන යන බැවින් තමාට ලබාදී ඇති උපදෙස් මත වාහනය නවතා රියැදුරු බලපත්‍රය පරීක්ෂා කිරීම කළ බවත්, වාහනයේ ඉදිරිපස ආරක්ෂිත පටි හා මුව ආවරණ පැළඳගෙන යන ලෙසත් කොස්තාපල්වරයා එහිදී දැනුම්දී තිබේ.

එම අවස්ථාවේදීම පොලිසියේ ඉහළ නිලධාරීන් අමතා තමා අපහසුතාවට පත්වූ බව කියමින් අතිරේක ලේකම්වරයා හැසිරුණු ආකාරය ගැන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය වෙත මේ වන විට මුදාහැර ඇත. එම සිද්ධියෙන් පසු මෙම කොස්තාපල්වරයාට වහාම එම ස්ථානයෙන් මාරු කර යවා ඇත්තේ පොලිස්පති වෙනුවට මානව සම්පත් කළමනාකරණ නියෝජ්‍ය පොලිස්පතිගේ අත්සනින් යැවූ නිවේදනයකි.

ඊයේ (3 වැනිදා) මෙම සිද්ධිය අනාවරණය වීමත් සමග වහාම මෙම ස්ථාන මාරුව නවත්වන ලෙසට මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් විරසේකර පොලිස් මූලස්ථානයට දන්වා ඇත.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි
ආරක්‍ෂක අමාත්‍යංශ ලොක්කෙක්ගෙන් ලයිෂන් ඉල්ලුවා කියා පොලිස් කොස්තාපල් මාරු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZccbXQc6kZQAH8Z6Dhb2-0nZv-KRvyGoLe_Vs5miBXbGEaoFrubxUlXGeS8HY67ABUt6ZgUhVxeUc-iSAxUu0BgGQqgpl-blC0pWrJkDjHba20hq3DpdgETWgV2hNGhyphenhyphencbo1r-4fImRa7/s320/kosthapal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZccbXQc6kZQAH8Z6Dhb2-0nZv-KRvyGoLe_Vs5miBXbGEaoFrubxUlXGeS8HY67ABUt6ZgUhVxeUc-iSAxUu0BgGQqgpl-blC0pWrJkDjHba20hq3DpdgETWgV2hNGhyphenhyphencbo1r-4fImRa7/s72-c/kosthapal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/10/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy