ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පෙරේදා (24 වැනිදා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රිවරුන් ප...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ පෙරේදා (24 වැනිදා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට මන්ත්‍රිවරුන් පනස් දෙදෙනෙකු පැමිණ නැති බව අනාවරණය වේ.
ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබාදෙන මන්ත්‍රිවරු එකසිය පනස් නවයක් සිටිති.
එම පිරිසෙන් මන්ත්‍රිවරුන් පැමිණ ඇත්තේ එකසිය හතක් පමණක් බව පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාල වාර්තා සඳහන් කරයි.
නොපැමිණි මන්ත්‍රිවරුන් පනස් දෙදෙනාගෙන් විසිදෙනෙකු පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇත.
නොපැමිණි මන්ත්‍රිවරුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විමල් වීරවංශද සිටින බව අනාවරණය වේ.
මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගැටලු පිළිබඳ සාකච්ඡා කළද මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ කිසිවක් ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක් බව මන්ත්‍රිවරුන් පවසති.
-අරුණ

COMMENTS