බල තණ්හාවෙන් පෙළුණු විකට නළු නිළි දේශපාලඥයින්ගේ භාරකාර ආණ්ඩු විකට රංගනය , මේ දිනවල මෙරට ජනතාවට නොමිලේ දැකබලා ගැනීමට හැකි බව නිවාස හා ඉදිකි...
බල තණ්හාවෙන් පෙළුණු විකට නළු නිළි දේශපාලඥයින්ගේ භාරකාර ආණ්ඩු විකට රංගනය , මේ දිනවල මෙරට ජනතාවට නොමිලේ දැකබලා ගැනීමට හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, සූරියවැව ඉදිවූ“සත්සුවඳගම”උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් තමන් කිසිවිට සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපතිතුමන් මාධ්‍ය ඔස්සේ පවසන බවත්, විරුද්ධවාදීන් ආරම්භ කළ මෙම භාරකාර ආණ්ඩු විකට රංගනය අද පුස්සක් බවට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සැප්තැම්බර් මස 5 වැනිදා ශ්‍රි ලංකා පෙදුජන පෙ රමුණේ උද්ඝෝෂණයට පැමිණි පිරිසට විෂ සහිත කිරි පැකට් ලබා දීමේ රංගනයත්, මේ දිනවල කරළියට පැමිණ ඇති භාරකාර ආණ්ඩු රංගනයත් ජනතාව රැවටීමට සිදුකරන බොරුවක් බව කී අමාත්‍යවරයා, විරුද්ධවාදීන් මෙවැනි ක්‍රියා සිදු කරන්නේ සොරකමේ යාන්ත්‍රරණය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අරලියගහ මන්දිරයට සහ ජනාධිපතිමන්දිරයට යාමට ඇති කෑදරකම නිසා බවත් මෙහිදි වැඩිදුරටත් පැවසීය.
COMMENTS