කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ජනතාව විසින් පිළිපැදීමේ ඇති වැදගත්කම බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ න...
කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ජනතාව විසින් පිළිපැදීමේ ඇති වැදගත්කම බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.
"නිරෝධායන ඇඳිරිනීතිය පනවලා සංචරණය සීමා කරගෙන තමන්ගෙ නිවසේ අයත් එක්ක ඉන්න කියලා කිව්වාම පොලිසිය මාර්ග බාධක පනවලා සෑම තැනකම පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමක්ද අවශ්‍ය වෙන්නෙ, එසේ නොමැති නම් එය තේරුම් අරගෙන ඊට අවනතව මේ වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සහාය ලබාදීලා තමන්ගෙ නිවසට වෙලා හිඳීමද පහසු කාර්යය ? එය බුද්ධිමත්ව තේරුම් අරගන්නේ නැතුව යම්කිසි කෙනෙක් මහාමාර්ගයට බැහැලා ඒවා උල්ලංඝනය කරනවා නම් ඔවුන්ට නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත්තත් මේ වෛරසය ආසාදනය වීමේ අවාසනාවන්ත තත්වයට මුහුණ දෙන්න වෙනවා"
දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ බස්නාහිර පළාතේ ගැබිනි පොලිස් නිලධාරිනියන්ට පෝෂ්‍යදායී ආහාර මල්ලක් පිරිනැමීමේ උත්සව අවස්ථාවට ඊයේ (04) එක්වෙමිනි.
COMMENTS